Search

හොඳට රිය ධාවනය කරන අයට මුදල් තෑගි දෙන්න සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මාර්ග නීති පිළිපදින සහ ආරක්ෂිතව වාහන ධාවනය කරන රියදුරන්ට මූල්‍යමය ත්‍යාග ලබාදීමේ වැඩ පිළිවෙලක් සම්බන්ධව පර්යේෂණ ආරම්භ කර තිබෙනවා.

රියදුරන්ට මූල්‍යමය ත්‍යාග ලබාදෙමින් දිරිමත් කිරීමත් සමග සිදුවන රථ වාහන අනතුරු ප්‍රමාණය අඩුකර ගත හැකිද යන්න සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම මෙහි අරමුණයි

මාර්ග ආශ්‍රිත මත්ද්‍රව්‍ය පරීක්ෂණ, ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම සහ දැඩි මෝටර් රථ සහ මාර්ග තත්ත්ව ප්‍රමිතීන් සියල්ලම මෑතකාලීනව ඔස්ට්‍රේලියානු මාර්ග ආශ්‍රිතව නිරීක්ෂණයට ලක්වුණා.

2023 වසරේ දී ඔස්ට්‍රේලියාවේ මාර්ග ආශ්‍රිතව සිදුව අනතුරු හේතුවෙන් පුද්ගලයින් 1270කට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

එය එක් වසරක් තුළ සියයට හතක ඉහළ යාමක් වන අතර 2011 සිට වාර්තා වන දෙවන ඉහළම වාර්ෂික මරණ සංඛ්‍යාව මෙය බවයි වාර්තා වන්නේ.

සිඩ්නි හි පැවැත්වෙන ජාත්‍යන්තර මාර්ග ආරක්ෂණ සංසදයට පෙර ආරක්ෂිත ප්‍රවාහනය සඳහා ප්‍රමුඛ පෙළේ උපදේශකයින් හතර දෙනෙක් ඔවුන් ගේ අදහස් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

කිසියම් මූල්‍යමය ත්‍යාග ලබාදීමක් සිදු කළහොත් එහිදී ඉතා විශාල පරිවර්තනයක් දැකගත හැකි බව මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන,සෞඛ්‍ය සහ නාගරික පද්ධති පර්යේෂණ අධ්‍යක්ෂ මාර්ක් ස්ටීවන්සන් පවසනවා.

මෙම වසර අගදී ඔස්ට්‍රේලියානු රියදුරන් දහස් ගණනක් සම්බන්ධ කරගනිමින් විශාල අත්හදා බැලීමක් සිදු කිරීමට නියමිත් අතර මෙහිදී මූල්‍යමය ත්‍යාග ලබාදීම සම්බන්ධයෙන් යම් අදහසක් ලබා ගැනීමට හැකිවනු ඇති.

මේ අනුව රිය ධාවනය කරන ආකාරය අනුව ඔවුන්ට ඩොලර් 120ක් ලබා ගැනීම හැකිවන ලෙස මෙම ක්‍රමවේදය අත්හදා බලන බවයි වාර්තා වන්නේ.

විවිධ පාර්ශව මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කර ඇති අතර පාපැදිකරුවන්ගේ සංගමයක් පවසා සිටින්නේ පාපැදි මංතීරු සලකුණු කිරීම වැනි සරල වෙනස්කමකින් සිදු විය හැකි විශාල අනතුරු ප්‍රමාණයක් වලක්වා ගත හැකි බවයි.

වේග කැමරා භාවිතය නිසියාකාරව සිදු කළ යුතු බවට තවත් මතයක් මෙහිදී පළවී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ මාර්ග අනතුරු සහ අවධානම් සම්බන්ධයෙන් නිවැරදි දත්ත සමාජගත කිරීමෙන්, සිදු විය හැකි අනතුරුවල බරපතලකම රියදුරන්ට අවබෝධ වනු ඇති බව ද සඳහන්.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »