Search

ඔස්ට්‍රේලියාවේ සේවක වැටුප් වසර ගණනකට පසු උද්ධමනයත් අභිබවා යමින් ඉහළට

ඔස්ට්‍රේලියාවේ සේවක වැටුප් වැඩිවීම වසර ගණනාවකට පසු පළමු වරට උද්ධමනය අභිබවා ගොස් තිබෙනවා.

2021 වසරෙන් පසු පළමු වතාවටයි වාර්ෂික උද්ධමන අනුපාතයට වඩා ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීම සිදුවී ඇත්තේ.

ඔස්ට්‍රේලියා සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නව දත්තවලට අනුව, දෙසැම්බර් සිට මාස 12 තුළ වැටුප් දර්ශකය සියයට 4.2 කින් ඉහළ ගොස් ඇති අතර, පාරිභෝගික මිල දර්ශකයට වඩා 4.1ක ප්‍රතිශතයක් ඉදිරියෙන් පසුවන බව සඳහන්.

2021 වසරේ මාර්තු මාසයෙන් පසු වාර්ෂික වැටුප් වර්ධනය උද්ධමනය අභිබවා ගිය පළමු අවස්ථාව මෙය වන අතර, වසර 14කට ආසන්න කාලයකදී වැටුප්වල ඉහළම වාර්ෂික වැඩි කිරීම ද මෙය වනවා.

රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම වැටුප් වර්ධන සමාලෝචනය කරමින් මේ පිළිබද වාර්තා ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන් රාජ්‍ය අංශයේ ඇතැම් රැකියා සදහා ඉහළ වැටුප් පෙන්නුම් කර ඇති අතර මූලික වශයෙන් ඊට හේතු ලෙස සදහන් කර ඇත්තේ සෞඛ්‍ය සේවා, සමාජ ආරක්ෂණ, අධ්‍යාපන හා පුහුණු කර්මාන්තවල අත්‍යවශ්‍ය සේවකයින් සඳහා අලුතින් ක්‍රියාත්මක කරන ලද නව ව්‍යවස්ථාපිත ගිවිසුම් හේතු වූ බවයි.

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »