Search

YouTube නරඹා මුල් තැනට පැමිණි රටවල් ලැයිස්තුව ප්‍රකාශයට පත්වෙයි

2024 වසරේ ජනවාරි මාසය වන විට YouTube ප්‍රේක්ෂක ප්‍රමාණය මත පදනම් වූ ප්‍රමුඛ රටවල් නම් කර තිබෙනවා.

ඒ අනුව පරිශීලකයින් මිලියන 462ක් සමඟින් ලොව වැඩිම YouTube ප්‍රේක්ෂකයින් පිරිසක් සිටින රට ලෙසට නම් කර ඇත්තේ ඉන්දියාවයි.

මිලියන 239ක පමණ YouTube නරඹන්නන් සමඟ ඇමරිකා එක්සත් ජනපදය දෙවන ස්ථානයට පත්ව ඇති අතර
මිලියන 144ක පරිශීලකයින් සමඟ බ්‍රසීලය තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා.

එම කාල සීමාව තුළ එක්සත් රාජධානියේ අන්තර්ජාල පරිශීලකයන් මිලියන 56.2ක් YouTube භාවිත කර ඇති බව සදහන්.

මෙම ශ්‍රේණිගත කිරීම අනුව ජපානය 6 වන ස්ථානයට පත්ව ඇත්තේ මිලියන 78.6ක ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයත් සමගයි.

දකුණු ආසියාතිත රටක් වන බංගලාදේශයේ ද මිලියන 33.6ක YouTube පරිශීලකයන් සිටින බව සඳහන්.

මේ අතර ප්‍රංශය, ඉතාලිය සහ කැනඩාව තුළ පිළිවෙලින් මිලියන 50ක්, මිලියන 42ක් සහ මිලියන 31ක් ලෙස YouTube ප්‍රේක්ෂකයන් සිටින බවට වාර්තා වී තිබෙනවා.

2023 වසරේ ජනවාරි මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලොව පුරා වැඩිම YouTube පරිශීලකයින් සිටි රට බවට පත්වූ අතර රටේ ඩිජිටල් ජනගහනයෙන් සියයට 98ක් පමණ මෙම සේවා හා සම්බන්ධ වී සිටි බවද සඳහන්.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »