වික්ටෝරියා ප්‍රාන්තයට යළිත් කුණාටු අවදානමක්

පසුගියදා පැවති සුළි කුණාටු හමුවේ ප්‍රකෘතිමත් වෙමින් සිටින වික්ටෝරියා ප්‍රාන්තයට යළිත් කුණාටු අවදානමක් මතුවී තිබෙනවා.

කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ අද පස්වරුවේ සිට ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට අධික උෂ්ණත්වය, තද සුළං මෙන්ම ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි.

පසුගිය සතියේ ඇති වූ විනාශකාරී කුණාටුවලින් පසු වික්ටෝරියා ප්‍රාන්තයේ විශාල පිරිසක් විදුලිය නොමැතිව සිටින අතර අනෙක් පිරිස සිදුවූ හානි යථා තත්ත්වයට පත්කර ගැනීමට උත්සහ කරමින් සිටිනවා.

ප්‍රාන්තයේ බලශක්ති අමාත්‍යවරිය පැවසුවේ පසුගිය සතියේ ඇතිවූ ව්‍යසනකාරී කුණාටු හේතුවෙන් බලපෑමට ලක් වූ විදුලි සැපයුමෙන් සියයට 99.5ක් යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

නැවත පැමිණෙන කුණාටු දරුණු අතට හැරුණහොත් යළිත් වරක් විදුලි බලයට බලපෑම් ඇති විය හැකි බව ඇය අවධාරණය කළා.

කෙසේ වෙතත් නිවස අවට ඇති අනාරක්ෂිත ගස් හැකිතාක් කප්පාදු කරන ලෙස ජනතාවට උපදෙස් ලබා දෙන අතර අවම අනතුරු සිදුවිය හැකි ආරක්ෂිත ස්ථාන කරා යොමු වන්නැයි ආපදා අංශ ජනතාව දැනුවත් කර තිබෙනවා.

පසුගියදා පැවති තද සුළං හේතුවෙන් විදුලි රැහැන් කඩා වැටුණු අතර, නිවාස මිලියන පහකට ආසන්න සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වුණා.

බලධාරීන් ඊයේ ප්‍රකාශ කළේ ප්‍රාන්තය පුරා නිවාස 37 ක් දැඩි හානි සිදුවී ඇති අතර පුද්ගලයින් 2500 කට තවමත් විදුලිය නොමැති බවයි.

මේ අතර, පසුගිය සතියේ ග්‍රැම්පියන්ස් ජාතික වනෝද්‍යානයේ ඇති වූ ලැව්ගිනි කිහිපයක් හේතුවෙන් නිවාස 44 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර අද පවතින අයහපත් කාලගුණය ලැව්ගිනි අවදානම තවත් වැඩි කර තිබෙනවා.

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »