සෑම වසරකම ඔස්ට්‍රේලියාවේ දුම්රිය සහ පදික වේදිකාව අතර කොටස තුළට පුද්ගලයින් ඇද වැටීමෙන් සිදුවන අනතුරු සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
විශේෂයෙන් සිඩ්නි අගනුවර ප්‍රධාන දුම්රිය ස්ථානවල සිදුවන අනතුරු සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
2023 වසරේදී දුම්රිය හා දුම්රිය පදික වේදිකා අතර සිදුවු අනතුරු සංඛ්‍යාව 450ක් වන අතර ඉන් අනතුරු 50ක් රෙඩ්ෆර්න් දුම්රිය ස්ථානයේ සිදුව ඇති බව සඳහන්.
රෙඩ්ෆර්න් දුම්රිය ස්ථානය සිඩ්නිහි ප්‍රධාන හුවමාරු දුම්රිය ස්ථානයක් වන අතර මෙලෙස අනතුරු බහුලව සිදුවීම බරපතල තත්වයක් වන අතර ඉන් ළමුන් සහ වැඩිහිටි මගීන්ට සිදුවන අනතුරු ඉහළ බවයි වාර්තා වන්නේ.
දුම්‍රිය ඉංජිනේරු සහ නඩත්තු විධායක අධ්‍යක්ෂ නෙව් නිකොල්ස් කියාසිටියේ කලේ සෑම සතියකම සිඩ්නි දුම්රිය ස්ථානවල සාමාන්‍යයෙන් පුද්ගලයන් පස් දෙනෙකු පමණ මෙලෙස අනතුරට ලක්වන බවයි.
මෙම තත්වය පාලනය සදහා දුම්රිය හා දුම්රිය වේදිකා අතර පරතරය පිරවීමට යම් ආවරණයක් යෙදවීම සම්බන්ධයෙන් ද ඉංජිනේරුවන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
එලෙස සිඩ්නි හි ප්‍රධාන දුම්රිය ස්ථාන 20ක මෙම හිඩැස පිරවීම සදහා රබර් ආවරණයක් යෙදවීමට අතිරේක ඩොලර් මිලියන 9ක් වැය වන බව සඳහන්.
මේ වන විට අත් හදාබැලීමක් ලෙස දුම්රිය ස්ථාන කිහිපයක මෙය ක්‍රියාත්මක කර ඇති අතර එය මගීන්ගේ ආරක්ෂාව සඳහා වඩාත් ප්‍රයෝජනවත් වී තිබෙනවා.
ඉදිරියේදී මෙලෙස අනතුරු බහුල දුම්රිය ස්ථානවල මෙම රබර් ආවරණය සවි කිරීමට නියමිතයි.