
ලින්කන් නිවර්තන සුළි කුණාටුව නැවත වර්ධනය වීමේ ප්‍රවනතාවක් පවතින බැවින් බටහිර ඔස්ට්‍රේලියාවේ පදිංචිකරුවන්ට සූදානමින් පසුවන ලෙසට කාලගුණ අංශ දැනුම් දෙනවා.
සුළි කුණාටුව බටහිර කිම්බර්ලි වෙරළට ඔබ්බෙන් ගමන් කරන බැවින් රෝබෝන් සිට නින්ගලු වෙරළ තීරය දක්වා ජනතාවටයි මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ.
මෙම සුළි කුණාටු පද්ධතිය හේතුවෙන් කිම්බර්ලි ප්‍රදේශයට පසුගිය සිකුරාදා මිලිමීටර් සිය ගණනක වර්ෂාපතනයක් පවතී අතර එම සුළි කුණාටු තීව්‍රතාවය නැවත ශක්තිමත් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

සුළි කුණාටුව ළඟා වීමට පෙර ඊට ඔරොත්තු දෙන ආකාරයෙන් තම දේපළ සකස් කර ගන්නා ලෙසට කාලගුණ අංශ ජනතාවට උපදෙස් දී තිබෙනවා.
අද කිම්බර්ලි වෙරළ ඔස්සේ ගමන් කිරීමෙන් පසු සෙනසුරාදා වන විට නිවර්තන සුළි කුණාටුව ගොඩබිමට පැමිණෙනු ඇති බවයි බටහිර ඕස්ට්‍රේලියාවේ පිල්බරා සහ ගස්කොයින් අසන්න පදිංචිකරුවන්ට දැනුම් දී ඇත්තේ.

සිකුරාදා පෙරවරුවේ සිට පැයට කිලෝමීටර් 90ක දැඩි සුළං ඇති විය හැකි අතර පසුව එම සුළං දිවා කාලයේදී පැයට කිලෝමීටර 100ක් පමණ දක්වා වේගයකින් පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි.
සෙනසුරාදා දිනයේදී පැයට කිලෝමීටර් 140ක් දක්වා වේගයෙන් හමා එන සුළි සුළං පද්ධතිය එහි මධ්‍යයට ආසන්න ප්‍රදේශවලට දැඩි බලපෑම් සිදු කරනු ඇති.