Search

පියාගේ අසනීප තත්ත්වය නිසා ලෝක වාර්තාව අත්හැර දැමූ ඔස්ට්‍රේලියා තරුණයා

පියාගේ මාරාන්තික අසනීප තත්වය දැනගැනීමෙන් පසු ලෝක වාර්තාවක් අතහැර දැමූ ධාවන ශූරයෙකු පිළිබද තොරතුරු බටහිර ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

ප්‍රංශයේ සර්ජ් ගිරාඩ් විසින් දින 434කදී කිලෝමීටර් 26232ක් දිවීමෙන් තබා තිබූ වාර්තාව අභිබවා යාමටයි බටහිර ඔස්ට්‍රේලියා ධාවන ශූර ටිම් ෆ්‍රෑන්ක්ලින් උත්සහ කර තිබුණේ.

ඒ අනුව ටිම් ෆ්‍රෑන්ක්ලින් දින 100ක් පුරා මෙම වාර්තාව පිහිටුවීම සඳහා දිවීමේ නිරත වු අතර හදිසියේ තම පියාගේ අසනීපය සැලවිමත් සමග එම වාර්තාව තැබීම අතරමග නවතා දැමීමට සිදුව ඇති බව වාර්තා වනවා.

40 හැවිරිදි ටිම් ෆ්‍රෑන්ක්ලින් 2017 වසරේදී ප්‍රංශ ධාවකයෙකු වන සර්ජ් ගිරාඩ් විසින් පිහිටුවන ලද ලොව පුරා වේගවත්ම ධාවන වාර්තාව බිඳ දැමීමට මෙලෙස උත්සහ කර තිබුණා.

පැවති වාර්තා බිද දැමීමට ෆ්‍රෑන්ක්ලින්ට දිනකට කිලෝමීටර් 60කට වඩා දිවීමට සිදුවූ අතර මාස තුනක් තුල ඔහුගේ සාමාන්‍යය සටහන්ව ඇත්තේ කිලෝමීටර් 57ක් ලෙසයි.

පසුගිය දෙසැම්බර් මස සිට පියා දරුණු අසනීපයකින් පෙලුණ ද ඥාතීන් ඒ පිළිබඳ ෆ්‍රෑන්ක්ලින් දැනුවත් නොකළ අතර අසනීප තත්වය උත්සන්න වීමත් සමග ඔහුට දැනුම් දීමටයි පියවර ගෙන ඇත්තේ.

ෆ්‍රෑන්ක්ලින් බටහිර ඔස්ට්‍රේලියාවේ සිට මෙම ධාවන තරගය ආරම්භ කර ඇති අතර ගංවතුර තුනක්, සුළි කුණාටුවක්, හිම කුණාටු සහ අධික උෂ්ණ තාප තරංග සමග ධාවනයේ යෙදීමට හැකිවීම ගැන සතුටු වන බව ද සඳහන් කර තිබෙනවා.

Auslankatv Today’s Top Stories.2024.10.07

ඇඩිලේඩ්වල $ ලක්ෂ 6කට වැඩි වැටුපක රැකියාවකට සුදුස්සෙකු සොයයි සිඩ්නිහිදී මිතුරාගේ වාහනයේ ගැටී ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

Read More »

ඇඩිලේඩ්වලින් බාලි දක්වා ගිය ගුවන් යානයක් හදිසි ගොඩබැස්විමක

ඇඩිලේඩ් සිට බාලිහි ඩෙන්පසාර් දක්වා පියාසර කරමින් තිබූ ජෙට්සාර් ගුවන් යානයක වැසිකිළි ගැටළුවක් හේතුවෙන් නැවත ගොඩබස්වා තිබෙනවා.

Read More »

වේගයෙන් යන්න ගිය මෙල්බන් තරුණයෙකුට කාර් එකත් නැති වෙයි

මෙල්බන් තදාසන්න ප්‍රදේශයක පැයට කිලෝමීටර 50ක වේග සීමා කලාපයකදී පැයට කිලෝමීටර 120කට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමේ චෝදනා එල්ල වූ තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

Read More »

පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

මෙල්බන්හි රදගුරු මයිකොලා බයිචොක් (Mykola Bychok) ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරනු ලබන නව කාදිනල්වරුන් 21 දෙනාගෙන් කෙනෙකු ලෙස තෝරාගෙන තිබෙනවා.

Read More »