ජනප්රිය YouTube නාලිකාවක් පවත්වාගෙන ගිය වන රූබි ෆ්රෑන්ක් (Ruby Franke)ට වසර 60ක් දක්වා වන සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ඇය යූ ටියුබ් නාලිකාවක් හරහා මිලියන ගණනක් වූ දෙමව්පියන්ට උපදෙස් දුන් ඇමරිකානු මවක්.
Ruby Franke සය දරු මවක් වන අතර තම දරුවන් ශාරීරිකව හා මානසිකව අපයෝජනය කිරීම සම්බන්ධව ඇයට චෝදනා එල්ලවී තිබෙනවා.
911 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් අනුව ඇය අත්අඩංගුවට ගැනීමට ඇමරිකානු පොලිසිය සමත්ව තිබුණා.
ෆ්රෑන්ක්ගේ 12 හැවිරිදි පුත්රයා මෙම වදහිංසා ඉවසා ගැනීමට නොහැකිව නිවසින් පැන අසල්වැසි නිවසකට ගොස් මේ පිළිබඳ සඳහන් කිරීමත් අසල්වැසියන් මෙම සැකකාර මව පිළිබද පොලිසියට පැමිණිලි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
Ruby Franke සහ ඇයගේ සැමියා දෙමාපිය උදදේශකයින් ලෙස YouTube නාලිකා ඔස්සේ වීඩියෝ සමාජගත කර තිබුණ ද තම දරුවන් වදකාගාරයක් තුළ රඳවාගෙන සිටින ආකාරය නිවස පරික්ෂා කිරීමේ දී තහවුරු වී තිබෙනවා.
නාසීන් විසින් යුදෙව්වන් සහ අනෙකුත් සුළු ජාතීන් කුසගින්නේ තැබීමට, අධික ලෙස වැඩ කිරීමට සහ මරා දැමීම සඳහා පිහිටුවා ඇති කඳවුරක ස්වරූපයක් එහි වූ බවයි වාර්තා වන්නේ.
Ruby Franke සියලු චෝදනාවලට වරදකරු වීමෙන් පසු වසර 60ක සිර දඩුවමක් පැනවීමට ඇමරිකානු අධිකරණය පියවර ගෙන තිබෙනවා.
Ruby Franke අධිකරණයේදී අදහස් දක්වමින් කියා ඇත්තේ තම දරුවන්ට වූ දැඩි ආදරය හේතුවෙන් මෙම ක්රියා සිදු කළ බවයි.