Search

මෙල්බර්න් නුවර මාර්ග නීති කඩා දඩ මුදල් ගෙවාගන්න බැරිව ජනතාව පීඩාවට පත්වෙයි

මෙල්බර්න් අග නගරයේ මාර්ග නීති කඩ කිරීම වෙනුවෙන් පනවා ඇති දඩ ගාස්තු සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි බව නවතම සංඛ්‍යා දත්තවලින් හෙළිව තිබෙනවා.

පසුගිය මාස 12ක කාල සීමාව තුළ පමණක් වික්ටෝරියා ප්‍රාන්තයේ නිකුත් කර ඇති මාර්ග දඩ පත්‍රිකාවලින් සියයට 40ක් පමණ නිකුත් කර ඇත්තේ මෙල්බර්න් හා තදාසන්න ප්‍රදේශවලට බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රජා නීති මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක ජැකී ගැලෝවේ පැවසුවේ මෙල්බර්න් හි මාර්ග දඩ ගාස්තු මෙලෙස ඉහළ යෑම පුදුමයට කරුණක් නොවන බවයි.

විශේෂයෙන් මෙල්බර්න් හි අඩු ආදායම්ලාභී ප්‍රදේශවල ඩොලර් මිලියන 60ක පමණ හිඟ දඩ මුදල් පවතින බව වාර්තා වන අතර එම ජනතාව පෙන්වා දෙන්නේ තවදුරටත් මාර්ග දඩ ගාස්තු වැඩි වීම තම ආර්ථිකයට දැරිය නොහැකි බවයි.

මෙල්බර්න්හී කේසි නගරයේ පදිංචිකරුවන්ට පමණක් පසුගිය මූල්‍ය වර්ශයේ මාර්ග දඩ පත්‍රිකා 35246ක් නිකුත් කර තිබෙනවා.

ජීවන වියදම් අර්බුදය සමග පිඩා විදින ඔස්ට්‍රේලියානුවන්ට මෙලෙස මාර්ග දඩ මුදල් තවදුරටත් ඉහළ යෑම මූළ්‍ය ආතතියක් බවටයි ජනතාව චෝදනා කරන්නේ.

මූලික අවශ්‍යතා සපුරා ගැනීම පවා අපහසුවී ඇති විටෙක බිල්පත් සහ දඩ මුදල් ගෙවීමට ඔස්ට්‍රේලියානුවන්ට සිදුවන බව ආර්ථික විශේෂඥයින් ද අවධාරණය කර ඇතැයි සඳහන්.

දඩ මුදල් ගෙවීමට නොහැකිව මූල්‍ය ආතතියට පත් ඔස්ට්‍රේලියානුවන් අතර ඇතැම් පිරිස් ඩොලර් 70000කට අධික ණයබරින් පීඩා විදින අය බවද හඳුනාගෙන තිබෙනවා.

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »