ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බලශක්ති ජාලය වන ඇති ගල් අඟුරු, ගෑස් සහ ජලවිදුලි බලයට වඩා ඉක්මනින් සූර්ය පැනල මගින් ලබා ගන්න බලශක්ති ධාරිතාව ඉක්මවනු ඇතැයි නවතම හරිත බලශක්ති වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ දැනටමත් සූර්ය බලයෙන් ගිගාවොට් 20ක් පමණ බලශක්තියක් උත්පාදනය කර ගනු ලබන අතර 2054 වන විට එය තුන් ගුණයකට වඩා වැඩි වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.
වාර්තාව සකස් කළ සමීක්ෂකයන් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියාවේ දේශගුණික ඉලක්ක සපුරාලීමට උපකාර කිරීම සඳහා සූර්ය බලශක්තිය විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇති බවයි.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ සූර්ය බල ධාරිතාව ඉදිරි දශක කිහිපය තුළ රටේ සමස්ත විදුලි ඉල්ලුම යටපත් කරනු ඇති බවයි වාර්තාව පෙන්වා දෙන්නේ.
ඔස්ට්‍රේලියාවේ නිවාසවල සහ කර්මාන්තශාලාවල වහලය පුරා ඇති සුර්ය පැනල සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි වීම කාබන් විමෝචනය අඩු කිරීමට රජය ගන්නා රජයේ ප්‍රයත්නවලට වැඩි දායකත්වයක් සපයනු ඇතැයි අපේක්ෂිතයි.
ග්‍රීන් එනර්ජි මාර්කට්ස් (Green Energy Markets) දත්ත වලට අනුව, වඩාත් අශුභවාදී තත්වයක් යටතේ වුවද, ඉදිරි දශක තුන තුළ සූර්ය බලශක්ති ධාරිතාව ගිගාවොට් 66ක් දක්වා ඉහළ යනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.