Search

ශ්‍රී ලංකාවෙන් පිටතදී පැවැත්වෙන දැවැන්තම බක්මහ උළෙල මෙවරත් මෙල්බර්න්හිදී

ශ්‍රී ලංකාවෙන් පිටත පවත්වනු ලබන දැවැන්තම අලුත් අවුරුදු උත්සවයක් වන මෙල්බර්න් බක්මහ උළෙල මෙවරත් අති උත්කර්ශවත් ආකාරයෙන් පැවැත්වීමට සියලු කටයුතු සැලසුම් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙවර මෙල්බර්න් බක් මහ උළෙල සංවිධාන කර ඇත්තේ 28 වන වරටයි.

අ⁣ප්‍රේල් මස 7 වන ඉරිදා පෙරවරු 9 සිට දවස පුරා Dandenong showgrounds හිදී මෙල්බර්න් බක්මහ උළෙල පැවැත්වීමට සුදානම් කර තිබෙනවා.

ඒ සඳහා මෙවරත් සාඩම්බරයෙන් මාධ්‍ය අනුග්‍රහය සැපයීමට අත්වැල් බැඳගෙන සිටින්නේ ඔස්ට්‍රේලියාවේ අංක එකේ ශ්‍රී ලාංකික මාධ්‍ය ජාලය වන Ausලංකා TV, Ausලංකා Radio ප්‍රමුඛ Ausලංකා මාධ්‍ය ජාලයයි.

ජනප්‍රිය සංගීත කණ්ඩායමක සංගීතයෙන් හැඩවන මෙවර බක්මහ උළෙලට ශ්‍රී ලාංකිකයන් ඇතුලුව අති විශාල පිරිසක් සහභාගී වන බව සංවිධායකයන් ප්‍රකාශ කළා.

අලුත් අවුරුදු කෑම මේසය, අලුත් අවුරුදු චාරිත්‍ර මෙන්ම සෑම වයස් කාණ්ඩයකටම සහභාගී විය හැකි තරග ඉසව් ගණනාවකින් සහ ජනක්‍රීඩා රැසකින් මෙල්බර්න් බක්මහ උළෙල සමන්විතයි.

බක්මහ උළෙලේ විශේෂ දිනුම් ඇදීමක් වෙනුවෙන් ටිකට් පතක් ද හඳුන්වාදී තිබෙනවා. එහි පළමු ත්‍යාගය වෙනුවෙන් ලබාදීමට නියමිතව ඇත්තේ නවීනතම SUV රථයක්. තවත් සැනසිලි ත්‍යාග රැසක් ද ජයග්‍රාහකයන් අතර බෙදා දීමට සැලසුම් කර තිබෙනවා.

අදාළ ටිකට් පත් සම්බන්ධයෙන් 0403 326 270 අංකයෙන් බර්නාඩ් ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකියි.

2024 මෙල්බර්න් බක්මහ උළෙලේ වෙළඳ කුටි ලබාගැනීම සඳහා 0411 834 468 අංකය ඔස්සේ කමල් මානවඩු සම්බන්ධ කර ගන්නා ලෙසට සංවිධායකයන් දැනුම් දෙනවා.

මෙල්බර්න් බක් මහ උළෙල පිලිබඳ වැඩිදුරටත් තොරතුරු ලබාගැනීම සඳහා 0411 712 316 අංකයෙන් පාලිත සහ 0411 644 503 අංකයෙන් ජගත් සම්බන්ධ කර ගත හැකියි.

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »