
ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු සුපිරි වෙළඳසැල් දැවැන්තයා භාණ්ඩ මිල වැඩි කිරීම සහ සැපයුම්කරුවන් සමඟ අසාධාරණ ක්‍රියාවන් සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනාවලට මුහුණ දී සිටින බවයි වාර්තා වන්නේ.
ඔහුගේ ඉවත්වීම බදාදා උදෑසන ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපොලේ ප්‍රකාශයට පත් කරන ලද අතර, එම අවස්ථාවේදීම සමාගම එහි අර්ධ වාර්ෂික ප්‍රතිඵල ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම ප්‍රතිඵලවලට අනුව සමාගම ඩොලර් මිලියන 781ක පාඩුවක් පෙන්නුම් කර ඇති සඳහන්.
කෙසේවෙතත් ආහාර අලෙවිය සියයට 5කට වඩා වැඩි වීමක් සහ ඕස්ට්‍රේලියානු සිල්ලර බඩුවල ලාභ ආන්තිකය ප්‍රතිශතයකින් 0.24කින් වැඩි වී තිබෙනවා.

ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචිගේ ඉවත් වීමත් සමග වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලය අමන්දා බාර්ඩ්වෙල් එම තනතුරට උසස් කරන බව නිවේදනය කර ඇතැයි සඳහන්.
අමන්දා බාර්ඩ්වෙල් සමාගම වෙනුවෙන් වසර 23ක් සේවය කර ඇති අතර දැනට එහි අන්තර්ජාල සිල්ලර බඩු, ඊ-බිස්නස් සහ ලෝයල්ටි උප අංශයේ ප්‍රධානියා ද වනවා.