Search

සිඩ්නි නුවරින් හමු වූ අබිරහසේ සුල මුල හෙළිවන ලකුණු

සිඩ්නි නුවර බෝල්කම් හිල්ස් ප්‍රදේශයෙන් එකම පවුලේ මව, පියා සහ දරුවා බවට සැක කෙරෙන මළ සිරුරු තුනක් සොයා ගෙන තිබෙනවා.

මෙම මරණ සම්බන්ධයෙන් සටන් කලා උපදේශකයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කෙරෙමින් පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

30 හැවිරිදි පුද්ගලයාගේ සිරුර අඟහරුවාදා පෙරවරු 10.15 ට පමණ බෝල්කම් හිල්ස් හි වොට්කින්ස් පාරේ පිහිටි නිවසේ තිබී සොයා ගැනුණා.

40 හැවිරිදි වියේ පසුවන මවගේ සහ දරුවාගේ සිරුරු සොයා ගෙන ඇත්තේ උතුරු පැරමට්ටා ප්‍රදේශයේ සටන් කලා උපදේශකයාගේ පන්ති පවත්වන ස්ථානයක තිබියදීයි.

චීන ජාතික සටන් කලා උපදේශකවරයෙක් වන සැකකරු මෙම ඝාතන සම්බන්ධයෙන් වගකීම භාරගෙන ඇති අතර ඊට නිශ්චිත හේතුවක් ඔහු මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව සඳහන්.

මියගිය කුඩා දරුවා සැකකරු යටතේ සටන් කලාව හදාරමින් සිට ඇති බව ද පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

එම පුද්ගලයාගේ තුවාල සහ සිරුරු තුන අතර සම්බන්ධය තහවුරු කිරීමට කටයුතු කරමින් සිටින බවයි පොලිසිය සඳහන් කළේ. මරණවලට නිශ්චිත හේතුවක් මෙතෙක් තහවුරු කරගෙන නැහැ.

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »