කොවිඩ් එන්නත් ගැනීමෙන් පසු හැදුණු ලෙඩ ගැන ලොව කළඹමින් නවතම සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

COVID-19 වෛරසය සඳහා මොඩර්නා (Moderna) සහ (ෆයිසර්) Pfizer එන්නත් ලබා ගත් පුද්ගලයින්ට එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස හෘදයේ, මොළයේ සහ රුධිරයේ සංකූලතා හෝ හෘදය ආශ්‍රිත දැවිල්ල ඇතිවීමේ සම්භාවිතාව වැඩි බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

එන්නත් ලබා ගත් මිලියන 99ක ජනතාවක් සම්බන්ධ කර ගනිමින් සිදු කළ අධ්‍යයනයකට අනුවයි මෙම තොරතුරු හෙළිවී ඇත්තේ.

නිදසුනක් වශයෙන්, මොඩර්නා එන්නත දෙවන මාත්‍රාවෙන් පසු එය ලබා ගත් පුද්ගලයින්ට මයෝකාඩයිටිස් හෙවත් හෘදය ආශ්‍රිත දැවිල්ල වැළඳීමේ සම්භාවිතාව සියයට 6.1 ගුණයකින් වැඩි වී ඇතැයි සඳහන්.

ෆයිසර් එන්නත ලබා ගත් පුද්ගලයින් අතර ද අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි මයෝකාඩයිටිස් අසාදිත අනුපාතයක් ඇති වූ බව අධ්‍යයනයට අනුව හෙළිවී තිබෙනවා.

ඇස්ට්‍රසෙනෙකා (AstraZeneca) එන්නත ලබා ගත් පුද්ගලයින් අතර ඇති අතුරු ආබාධ පිළිබඳව ද මෙම අධ්‍යයනයෙන් කරුණු වාර්තා කර තිබෙනවා.

එහිදී හෙළිවී ඇත්තේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ රෝගයක් සහ මොළයේ රුධිර කැටි ගැසීම ඇතුළු අතුරු ආබාධ ඇතිවීමේ අවදානම එම එන්නත ලබා ගත් පුද්ගලයන්ගෙන් සොයාගෙන ඇති බවයි.

ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, නවසීලන්තය සහ ස්කොට්ලන්තය යන රටවල ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත් මිලියන 99කගේ වාර්තා මෙම අධ්‍යනය සඳහා භාවිත කර ඇති බවයි වාර්තා වන්නේ.

අධ්‍යනය සිදු කළ පර්යේෂකයන් කණ්ඩායම එහිදී රෝග තත්ත්ව 13ක් පිළිබඳව නිරීක්ෂණය කර තිබෙනවා.

එහිදී එම රෝග තත්ත්ව වැළඳීමේ අවදානම ෆයිසර්, මොර්ඩනා සහ ඇස්ට්‍රසෙන්කා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමෙන් පසු ඉහළ යන ආකාරය පිළිබඳ පර්යේෂණ කණ්ඩායම අධ්‍යනය කර තිබූ බව සඳහන්.

රෝගී සැමියා අවසන් ගමන් යවන්න හැදූ බිරිඳට වැඩ වරදී

ඩිමෙන්ශියා රෝගයෙන් පෙළුණු තම සැමියා එන්නතක් ශරීර ගත කර ඝාතනයට තැත් කළ කාන්තාවක් පිළිබඳ පුවතක් බටහිර ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

Read More »

තරුණයන්ට දුම් පානය කිරීමට නොහැකි වෙන නව නීතියක්

2009 වසරෙන් පසු උපත ලැබූ ඕනෑම අයෙකුට දුම්පානය තහනම් කිරීමට නීති සම්පාදනය කෙරෙන පනත් කෙටුම්පතට එක්සත් රාජධානියේ නීති සම්පාදකයින් සහාය දක්වා තිබෙනවා.

Read More »

අවුරුදු ගීතයක් විකෘති කළ රාජ්‍ය සේවකයෙක් අත්අඩංගුවට

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ශුරීන්ගේ අලුත් අවුරුදු ගීතයක් විකෘත කිරීමේ චෝදනා මත සුරාබදු නිලධාරියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

තමාම නිර්මාණය කර ගත් සොහොන් බිමේ අවසන් ගමන් යන පාලිත තෙවරප්පෙරුම

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා ඔහු විසින්ම නිර්මාණය කර ගත් සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසනවා.

Read More »

කාන්තාවන්ගේ මූලික අවශ්‍යතාවයක් බදුවලින් නිදහස් කරන්නැයි ඉල්ලීම්

බ්‍රිතාන්‍ය කාන්තාවන්ගේ යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා සඳහා බදු මුදල් අය කිරීම සාධාරණ නොවන බවට සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

Read More »