අමෙරිකා එක්සත් ජනපදයෙන් මාස 12 කට අඩු කාලයකදී කොරෝනා මරණ 400,000ක්!

අමෙරිකා එක්සත් ජනපදයෙන් මාස 12 කට අඩු කාලයකදී කොරෝනා මරණ 400,000ක්!

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ධුරය අවසන් වීමත් සමඟම කොරෝනා මරණ සංඛ්‍යාව 400,000 ක් ඉක්මවා ගොස් ඇත.

මෙය දෙවන ලෝක යුද්ධය හමුවේ මිය ගිය මුළු අමෙරිකානුවන් සංඛ්‍යාව මෙන් සමාන අගයකි. මරණ 200,000 සිට 300,000 දක්වා ඉහළ යාමට සති 13 ක් ගත වූ අතර නවතම මරණ 100,000 වාර්තා වීමට​ සති 5 ක් පමණ සුළු කාලයක් ගතවිය.

අමෙරිකා එක්සත් ජනපදය වසරක් වැනි කෙටි කාලයක් තුළදී කොරෝනා මරණ 400,000 කරා ළඟා විය. එනම්, සෑම තත්පර 38 කට වරක් ඇමරිකානුවෙක් මිය යන අතර එක්සත් ජනපදය මුළු කොරෝනා ආසාදිතයින් ගණන​ මිලියන 24 ඉක්මවා ගොස් ඇත​.

වොෂිංටන් විශ්ව විද්‍යාලය විසින් පුළුල් ලෙස උපුටා දක්වන ලද ආකෘතියක් මඟින් දැක්වෙන්නේ මැයි 1 වන විට මරණ සංඛ්‍යාව 567,000 කට ආසන්න වනු ඇති බවයි.

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »