Search

ලොව පළමු වරට හදවත් රෝගීන්ට මෙල්බර්න් නුවරින් ජීවිතය ගැන අලුත් බලාපොරොත්තුවක්

මෙල්බර්න් නුවර විද්‍යාඥයින් කණ්ඩායමක් ලොව ප්‍රථම වරට දිගු කාලීනව ක්‍රියාත්මක විය හැකි කෘතිම හදවතක් නිපදවීමේ මෙහෙයුමක නිරත වනවා.

මෙම විශේෂඥ වෛද්‍ය කණ්ඩායම සඳහන් කර ඇත්තේ මෙහි මුල් ආකෘති මිලදී ගත් ජලනල කොටස්වලින් නිර්මාණය කරන ලද ඒවා බවයි.

මෙලෙස බද්ධ කළ හැකි හෘදය සාර්ථක වුවහොත් ලොව පළමු වරට හෘදයාබාධ ඇති රෝගීන් සඳහා දිගුකාලීන බලාපොරොත්තුවක් ලබා දෙනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

නව සොයා ගැනීම දැනට හෘද රෝගීන් වෙනුවෙන් යොදා ගන්නා උපකරණවල වැඩි දියුණු කිරීමක් නොවන අතර මෙය සැබෑ ම විප්ලවයක් බව මොනෑෂ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ෂෝන් ග්‍රෙගරි ප්‍රකාශ කළා.

පවතින හෘද උපකරණ මෙන් නොව, මෙම තැන්පත් කළ හැකි හෘද යන්ත්‍ර ස්වයංක්‍රීයව ශරීරයේ වේගවත් බව හෝ වේගය අඩුවීම්වලට නිරෝගී හදවතක් මෙන් ප්‍රතිචාර දක්වන බව සඳහන්.

නිදන්ගත හෘදයාබාධයකින් පෙළෙන රෝගීන් සඳහා මෙම තැන්පත් කළ හැකි උපාංගය ගොඩනඟා ඇති අතර රුධිරය ගලා යාම සඳහා විනාඩියකට 2000 වතාවක් කැරකෙන තැටියක් භාවිතා කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු නිපැයුම්කරුවන් ඔවුන්ගේ මුල් අත්හදා බැලීම් මිලදී ගත් ජලනල කොටස් වලින් සාදන ලද හෘද ආකෘති මත පරීක්ෂා කර ඇතැයි සඳහන්.

සෑම වසරකම ඔස්ට්‍රේලියානුවන් 100ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් පමණක් හදවත් බද්ධ කිරීමක් ලබා ගැනීමට වාසනාවන්ත වී තිබෙනවා.

එබැවින් හදවත් බද්ධ කිරීම් සඳහා බලා සිටින රෝගීන්ට මෙය අතිශයින් උද්යෝගිමත් දෙයක් වනු ඇති බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

කෘත්‍රිම හදවත් තාක්‍ෂණය සඳහා මිනිසුන් යොදා ගනිමින් සායනික අත්හදා බැලීම් මේ වසර අගදී ඇමරිකා එක්සත් ජනපදයේ ආරම්භ වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »