Search

අයහපත් කාලගුණය නිසා ඔස්ට්‍රේලියාවේ අකුණු ගැන ජනතාවට දැනුම්දීමක්

සෑම වසරකම ඔස්ට්‍රේලියාවේ අකුණු අනතුරු හේතුවෙන් තුවාල ලබන පිරිස 100 ඉක්මවන බව නවතම අධ්‍යයනයකදී හෙළිව තිබෙනවා.

මේ දින වල සිඩ්නි අගනුවරට බලපා ඇති අයහපත් කාලගුණික තත්වට හමුවේ අකුණු අනතුරු හේතුවෙන් රෝහල්ගත වන පිරිස තවදුරටත් ඉහළ ගොස් ඇති බව සඳහන්.

පුද්ගලයෙකුට අකුණු සැර වැදීම මාරාන්තික විය හැකි අතර එකවර බල්බ 100ක් දැල්වෙන වෝල්ටියතාවක් ශරීරය හරහා ගමන් කරන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් අකුණු සැර වැදීමෙන් පුද්ගලයින් ආරක්ෂිතව සිටිම පිළිබඳ ආපදා අංශ දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.

වැසි සහ අකුණු සහිත කාළගුණික තත්වයන් තුළ දී ගස් යට හෝ එළිමහන් ස්ථානවල රැඳී සිටිම වඩාත් අනතුරු දායක වන අතර අකුණු අනතුරු වේගයෙන් පැතිරීමේ අවධානමක් පවතින බව ද සඳහන්.

අකුණුවලින් ආරක්ෂාවීම සදහා සැමවිට ගෘහස්ථ ස්ථානයක රැදීම වඩාත් සුදුසු අතර මෝටර් රථ තුළ සිටීමද අකුණු අනතුරුවලින් ආරක්ෂාවීමේ විකල්පයක් ලෙස නිර්දේශ කර තිබෙනවා.

එමෙන්ම අකුණු සහිත අවස්ථාවලදී හැකිතාක් උස් ස්ථානවලින් ඉවත් වීමට උත්සාහ කිරීම වැදගත් වනු ඇති.

ඔස්ට්‍රේලියානු විශේෂඥ වෛද්‍ය රෙබෙකා හොෆ්මන් පැවසුවේ අකුණු සැර වැදීම මූලික වශයෙන් හදවතට සහ ස්නායු පද්ධතියට බලපාන අතර එමගින් වැඩි ජීවිත අවදානමක් පවතින බවයි.

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »