ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා අතර මෙම සම්බන්ධය ආරම්භ වී ඇත්තේ වෛද්‍යවරයා කාන්තාවගේ සැමියාගෙන් වකුගඩුවක් ලබාගෙන ඇයට බද්ධ කිරීමේ සැත්කමකින් පසුවයි.

ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය මණ්ඩලය, ක්වීන්ස්ලන්ඩ් සිවිල් සහ පරිපාලන විනිශ්චය සභාව හමුවේ ඉල්ලා ඇත්තේ මෙම වෛද්‍යවරයා කාන්තාව සමඟ නුසුදුසු සබඳතාවක් පවත්වා වෘත්තීය සීමාවන් උල්ලංඝනය කර විෂමාචාර ක්‍රියාවක නිරත වූ බැවින් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටයි.

ඒ අනුව 2023 වසරේ සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි වසර දෙකක කාලයක් සඳහා ඔහුගේ ලියාපදිංචිය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

වකුගඩු සැත්කමෙන් මාස තුනකට පමණ පසු කාන්තාව රාත්‍රී භෝජන සංග්‍රහයකට වෛද්‍යවරයාට ඇරයුම් කර ඇති අතර එතැන් සිට, කාන්තාව සහ ශල්‍ය වෛද්‍යවරයාගේ සම්බන්ධතාවය සමීප ලිංගික සම්බන්ධතාවයක් දක්වා වර්ධනය වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුව වෛද්‍යවරයා යුරෝපා රටකට ගොස් ඇති අතර නොකඩවා පැවති සම්බන්ධය හේතුවෙන් කාන්තාව ද ඔහු බැලීම සඳහා යුරෝපයට ගොස් ඇතැයි හෙළිවී තිබෙනවා.

2017 වසරේ ඔක්තෝම්බර් මාසයේදී කාන්තාව සියදිවි නසාගෙන මිය ගොස් තිබුණා.

රාජ්‍ය සේවිකාවක් ලෙස සේවය කර ඇති මෙම කාන්තාව සැත්කමෙන් පසු වෛද්‍යවරයාට ඉහළින් සැලකූ බවයි අසල්වාසීන් සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත්, ඇය ජීවිතයේ අවසාන මාසවලදී දැඩි මානසික පීඩාවන්ට මුහුණ දුන් බව සඳහන්.

කාන්තාවගේ මානසික තත්ත්වය සහ ඛේදනීය මරණය කෙරෙහි ඇති කළ බලපෑම වෛද්‍ය වෘත්තිකයන් සහ රෝගීන් අතර වෘත්තීය සීමාවන් පවත්වා ගත යුතු හේතුවට සාක්ෂියක් බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් ශල්‍ය වෛද්‍යවරයා සඳහන් කළේ රෝගියා රෝහලෙන් පිටවීමෙන් පසු සම්බන්ධතාවය ආරම්භ වූ අතර තම පෞද්ගලික ජීවිතය වෘත්තීය ජීවිතයට අදාළ නොවන බවයි.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »