
ටොන් දෙකක් බරැති ERS-2 චන්ද්‍රිකාවක කොටස් බොහෝ දුරට මෙම සතිය තුළ පෘථිවි ගෝලයට ඇතුල්වීමට නියමිත බව යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය පවසනවා.
පැය 15ක ගමන් කාලයක් තුළ එම චන්ද්‍රිකාව පෘථිවි ගෝලයට ඇතුලත් වනු ඇති බවටයි පුරෝකතනය කර ඇත්තේ.
චන්ද්‍රිකාව අභ්‍යවකාශයට ඇතුල්වීමත් සමග දැවී විනාශ වීම ආරම්භ වන අතර දැවී යාමට පටන් ගන්නේ කොතැනින්ද සහ කවදාද යන්න නිශ්චිතව සඳහන් කළ නොහැකි බව යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ කළා.

පෘථිවි වායුගෝලයේ ඝනත්වය සහ චන්ද්‍රිකාව මත වායුගෝලය ඇදී යන ආකාරය අනුව චන්ද්‍රිකාව පෘථිවි ගෝලයට ඇතුල් වීමේ නිශ්චිත වේලාව අපැහැදිලි බවයි වාර්තා වන්නේ.
පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 80ක් පමණ ඉහළින් චන්ද්‍රිකාව කැඩී යනු ඇතැයි අපේක්ෂා කරන අතර බොහෝ කොටස් වායුගෝලයේ දී දැවී යනු ඇති.

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය පැවසුවේ එහි ඇතැම් කොටස් ග්‍රහලෝක මතුපිටට ළඟා විය හැකි නමුත් ඒවායේ කිසිදු හානිකර ද්‍රව්‍යයක් අඩංගු නොවන බවයි.
ඇතැම් කොටස් බොහෝ විට සාගරයට වැටෙනු ඇති බව සඳහන් වන අතර එමගින් පෘථිවි වැසියන්ට කිසිදු බලපෑමක් නොවන බවද එම ඒජන්සිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
ERS-2 චන්ද්‍රිකාව ප්‍රථම වරට 1995 අප්‍රේල් 21 වන දින අභ්‍යවකාශ ගවේෂණය සදහා දියත් කර ඇති අතර එය එවකට යුරෝපය විසින් සංවර්ධනය කර දියත් කල නවීනතම චන්ද්‍රිකාව ලෙස හැදින් වුණා.
චන්ද්‍රිකාව ග්‍රහලෝකයේ ධ්‍රැව මට්ටම, සාගර සහ ගොඩබිම් මතුපිට වටිනා දත්ත එක්රැස් කර දීම සහ දුරස්ථ ප්‍රදේශවල ගංවතුර සහ භූමිකම්පා වැනි විපත් නිරීක්ෂණය කිරීමට වඩාත් උපකාරි වී තිබුණා.
ERS-2 මගින් ලබාගත් දත්ත අදටත් වඩාත් ප්‍රයෝජනවත් බව සඳහන් වන අතර ඉන්ධන ධාරීතාව අසුවීමත් සමග එහි ආයුකාලය අදින් අවසන් වීමට නියමිතයි.