Search

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජපක්ෂවරයෙක් පුතා සමග ඉන්දියාවේදී පැවිදි බිමට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ ඉන්දියාවේදී තාවකාලිකව පැවිදි දිවියට ඇතුලත් වී තිබෙනවා.

ඒ්, බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව සිදු කළ ඉන්දියාවේ බරණැස, ඉසිපතනාරාම මූලගන්ධකුටි විහාරස්ථානයේදීයි.

මූලගන්ධකුටි විහාරාධිපති පූජ්‍ය රත්මලේ සුමිත් ආනන්ද හා පූජ්‍ය දෙහිඅත්තකණ්ඩියේ පියනන්ද නායක හිමිවරුන්ගේ උපාධ්‍යායෙන් යුක්තව ආගමික වතාවත් අනුව ඊයේ පෙරවරුවේ පූජ්‍ය හාරිස්පත්තුවේ ධම්මරතන නමින් මන්ත්‍රීවරයා පැවිදි භාවයට ඇතුළත්ව තිබෙනවා.

ගුණතිලක රාජපක්ෂගේ පුත්‍රයා වන කැනඩාවේ පදිංචි, වෘත්තියෙන් ඉංජිනේරුවකු වන සඳකැළුම් රාජපක්ෂ ද පූජ්‍ය අම්පාරේ ධම්මාලෝක නමින් මෙම අවස්ථාවේදීම තාවකාලික පැවිදි දිවියට ඇතුළත් වී තිබෙනවා.

ගුණතිලක රාජපක්ෂගේ බිරිඳ ද මීට කෙටි කලකට පෙර අභාවප්‍රාප්ත වූ අතර පසුගියදා පැවැති මහනුවර සංවර්ධන කමිටු රැස්වීම අවසානයේ හදිසියේ රෝගාතුර වූ ඔහු රෝහල්ගත කිරීමට ද පියවර ගැනුණා.

දැඩි කාර්ය බහුල ජීවීතයක් ගත කිරීම හේතුවෙන් පීඩාවට පත්වී ඇති මනස සන්සුන් කර ගැනීම සඳහා තාවකාලිකව හෝ පැවිදි දිවියට ඇතුළත්වීමට තීරණය කළ අතර මනස සන්සුන් කරගැනීම සඳහා සුදුසුම ප්‍රතිකාරය භාවනා කිරීම බවයි පූජ්‍ය හාරිස්පත්තුවේ ධම්මරතන හිමි එහිදී පෙන්වා දුන්නේ.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »