ජනප්‍රිය ගායක දමිත් අසංක ප්‍රසංග වේදිකාවට සමුදෙන්න තීරණය කරයි

තමන් ප්‍රසංග වේදිකාවෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන දමිත් අසංක පවසනවා.

සිය නිල ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ව්‍යාපාරයක් සහ පැල වගාවක් පවත්වාගෙන යාම වෙනුවෙන් මෙම තීරණය ගන්නා බවයි.

තමා මහණදම් පිරීමට වේදිකාවෙන් සමුගන්නා බවට වන ප්‍රකාශ එම සටහන මගින් දමිත් අසංක ප්‍රතික්ෂේප කර ඇති අතර තම රසිකයන් වෙනුවෙන් අඛණ්ඩව ගීත ඉදිරිපත් කරන බව සඳහන් කර තිබෙනවා.

හැකි නම් තම තමන්ගේ ගෙවතු වල පැල සිටුවන ලෙසට තමාට ආදරය කරන රසිකයන්ගෙන් ඉල්ලා සිටින බවයි ජනප්‍රිය ගායක දමිත් අසංක සිය ෆේස්බුක් සටහන මගින් ප්‍රකාශ කර ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »