Search

ලැව්ගිනි සහ උණුසුම් කාලගුණය හමුවේ බටහිර ඔස්ට්‍රේලියාවේ පාසල් සහ වනෝද්‍යාන වැසේ

බටහිර ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි තත්ත්වයන් සහ ප්‍රාන්තයේ පවතින උණුසුම් කාලගුණය හමුවේ පාසල් සහ ජාතික වනෝද්‍යාන 20කට වැඩි ප්‍රමාණයක් වසා දමා තිබෙනවා.

පර්ත් සිට එස්පෙරන්ස් දක්වා සහ වීට්බෙල්ට් දක්වා විහිදෙන විශාල ප්‍රදේශයක් ගිනි ගැනීමේ දැඩි අවදානමක් යටතේ පවතින බවයි වාර්තා වන්නේ.

සෙල්සියස් අංශක 45 හෝ ඊට වැඩි උෂ්ණත්වයක් මෙන්ම පැයට කිලෝමීටර 35 සිට 40 දක්වා වයඹ දෙසින් පැමිණෙන සුළං ප්‍රවාහයක් පිළිබඳ කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා.

බසල්ටන් ගුවන් තොටුපලේ ගිනි නිවීමට යොදා ගන්නා විශාල ගුවන් යානා දෙකක් සූදානම් කර ඇති අතර පාලනයෙන් බැහැරව හෙක්ටයාර් දෙකකට වැඩි භූමි ප්‍රමාණයක් ගිනි ගැනීම හමුවේ යි මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ.

වසර 10කට පසු පසුගිය ඉරිදා පර්ත් නුවර උණුසුම්ම රාත්‍රිය වාර්තා වූ අතර වසර 20 කට පසු වාර්තා වූ උණුසුම්ම පෙබරවාරි මාසය මෙය බව ද සඳහන්.

පර්ත්හි උෂ්ණත්වය ඊයේ දහවල් සෙල්සියස් අංශක 40.2ක් වූ අතර එය මේ මාසයේ අංශක 40 ඉක්මවූ හත්වන දිනය බවට පත්වී තිබෙනවා.

මෙය පර්ත් හි මෙතෙක් වාර්තා වූ එක් මාසයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගිය වැඩිම දින ගණනයි.

දූෂණ චෝදනා විමර්ශනයට Qantas බලපෑම් කරලා ?

Qantas ගුවන් සමාගම විසින් ජාතික දූෂණ විරෝධී කොමිසමේ (NACC) ප්‍රධානීන්ට ලබාදී ඇති විශේෂ වරප්‍රසාද හේතුවෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත විය හැකි බව වාර්තා වනවා.

Read More »

මෙල්බන් ඇතුලු නගර රැසක ඉදිරි දින තුනේ කාලගුණයේ ලොකු වෙනසක්

Nothern Territory, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයන්ගේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වයේ ඉහල යෑමක් අද , හෙට සහ අනිද්දා දින තුළ අපේක්ෂා කළ හැකි බවට කාලගුණ විද්‍යා කාර්යංශය (BoM) විසින් සදහන් කර තිබෙනවා.

Read More »

මිනිත්තු කිහිපයක් වැය කර Blood Pressure අඩු කර ගන්න ඔස්ට්‍රේලියාවෙන් අලුත් අනාවරණයක්

සෑම දිනකම අවම වශයෙන් මිනිත්තු කිහිපයක් ව්‍යායාම්වල නිරත වීමෙන් ශරීරයේ රුධිර පීඩනය අවම කළ හැකි බවට ඔස්ට්‍රේලියානු පර්යේෂකයන් මූලික වී සිදුකළ ජාත්‍යන්තර අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

දිනෙන් දින වෙනස් වන ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කල (නොවැම්බර්7) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 199 කට ආසන්න වී තිබෙනවා

Read More »