
ලොව ඉහළම සංචාරක ආකර්ෂණයන්ගෙන් යුත් පැරිසියේ අයිෆල් කුළුණ සේවක වර්ජනයක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා.
අයිෆල් කුළුණෙහි මුල්‍ය කටයුතු නිසි පරිදි කළමණාකරණය නොවීම, වියදම් අධිතක්සේරු කිරීම යන කරුණු පෙන්වා දෙමින් එහි වෘත්තීය සංගම් ඊයේ දින සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
මෙලෙස අයිෆල් කුළුණෙහි සේවකයින් වර්ජනයක් ආරම්භ කර ඇත්තේ දෙවන වරටයි.

එළඹෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට පෙර මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ යුතු බවත් ඒ සඳහා ප්‍රමාණයවත් මුදල් නොමැති වීමහේතුවෙන් නඩත්තු කටයුතු සිදුකිරීමට නොහැකි බව සේවකයන් පෙන්වා දෙනවා.
මෙවර ඔලිම්පික් උළේල ප්‍රංශයේ පැරිස් අගනුවරදී ජුලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වීමට නියමිත අතර උළෙල අතර තුර යළි සේවක වර්ජනයක් සිදු කිරිම සම්බන්ධයෙන් ද ඉඟි පල කර ඇති බව සඳහන්.

වසරකට අයිෆල් කුළුන නැරඹීමට මිලියන 7කට ආසන්න දෙස් විදෙස් සංචාරකයින් පැමිණෙන අතර ඊයේ දින මෙලෙස කුළුණ වසා දැමීමෙන් සංචාරකයින් දහස් ගණනක් ආපසු හරවා යවා ඇති බවයි වාර්තා වන්නේ.
මෙවර ප්‍රංශ අගනුවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන බැවින් පැරීසියට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ඉහළ යන අතර එම කාලසීමාව තුළ යළිත් වර්ජනයක් ආරම්භවීම සුදුසු තත්වයක් නොවන බව විචාරකයින් පෙන්වා දෙනවා.