Search

ඔස්ට්‍රේලියාවේ නිවසක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට මේ තොරතුරු වැදගත් වෙයි

ඔස්ට්‍රේලියාවේ මහල් නිවාස සහ තනි නිවාස ඒකක අතර මිල පරතරය ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බව කෙයාලොජික් (Carelogic) නවතම දත්ත අනුව හෙළිව තිබෙනවා.

ඒ අනුව 2020 වසරේ මාර්තු මාසයේ සිට මෙම වසරේ ජනවාරි තෙක් එම අගය සියයට 45කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂඥයන් පවසන්නේ මේ හේතුවෙන් මහල් නිවාසවලට වැඩි ඉල්ලුමක් පවතින බවයි.

CareLogic සංඛ්‍යාලේඛන පෙන්නුම් කරන්නේ ප්‍රධාන හේතු තුනක් පදනම් කර ගෙන මෙම මිල පරතරය බිහිව ඇති අතර ඉඩමේ වටිනාකම, තනි නිවාස ඒකකවල හිඟය සහ වැඩි ඉඩක් සඳහා වූ කැමැත්ත මේ සඳහා බලපාන බවයි.

මහල් නිවාස සහ තනි නිවාස ඒකක අතර මිල පරතරය ඩොලර් 294000කට වැඩි අගයක් ගන්නා අතර තනි නිවාස ඒකක වෙත යොමුවීමට ඔස්ට්‍රේලියානුවන්ට විශාල වැය බරක් වන බව සඳහන්.

මෙම මිල පරතරය ඔස්ට්‍රේලියාවේ අගනුවර ආශ්‍රිතව තවදුරටත් ඉහළ ගොස් ඇති අතර පසුගිය මාස 12 තුළ පමණක් නිවාස වටිනාකම් සියයට 11 කින් ඉහළ ගොස් ඇති බව CareLogic වාර්තා පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් CareLogic පර්‍යේෂණ අධ්‍යක්ෂ ටිම් ලෝලස් සඳහන් කළේ දැරිය හැකි මිලකට වෙන්වූ නිවසක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔස්ට්‍රේලියානුවන් නගරයෙන් තවත් ඈතට යා යුතු බවයි.

මේ අතර නිවාස ඒකක මිල ගණන් සැලකීමේ දී මෙම වසරේ වැඩිම මිලක් සිඩ්නි අගනගරයෙන් ද දෙවනුව මෙල්බන් අගනගරයෙන් ද තෙවන වැඩිම අගය බ්‍රිස්බේන්වලින් බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »