දුරකථනය භාවිත කරමින් වාහන පදවන රියදුරන්ට වැඩ වරදී

කැන්බරා ප්‍රාන්තයේ නීතිවිරෝධී ලෙස ජංගම දුරකථන භාවිත කරමින් රිය ධාවනයේ යෙදෙන රියදුරන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත රජය පවසනවා

ඒ අනුව අද සිට මාර්ගගත කැමරා මගින් හඳුනා ගන්නා මෙවැනි රියදුරන්ට ඩොලර් 632ක දඩ මුදලක් සහ අවාසි ලකුණු හතරක් ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.

දැනට පවතින නීති යටතේ රියදුරන්ට රියධාවනයේ දී GPS උපදෙස් සහ සංගීතයට සවන්දීම මෙන්ම ඇමතුම් ලබා ගැනීමට විවිධ සීමාවන්ට යටත්ව අවස්ථාව හිමි වුව ද ඉදිරීයේදි එම අවස්ථා දැඩි නීතිරිතිවලට යටත්ව ක්‍රියාත්මක කළ යුතු වනවා.

නීති විරෝධී ලෙස ජංගම දුරකතන භාවිත කරන කැන්බරා ප්‍රාන්ත රියදුරන් අදාළ කැමරා මගින් තහවුරු කර ගත හැකි අතර රියදුරන් එම වරද ප්‍රතික්ෂේප කරන්නේ නම් ඊට අදාළ රූපරාමු නැරඹීමේ හැකියාව ඔවුන්ට හිමිවනවා.

පසුගිය මාස තුනක කාලසීමාව තුළ මෙලෙස නීති විරෝධී ජංගම දුරකතන භාවිත කළ රිදුරන්ට අනතුරු ඇඟවීම් පමණක් නිකුත් කර ඇති අතර අද සිට අනිවාර්ය දඩ පැණවීම සහ අවාසි ලකුණු ලබා දීමට නියමිතයි.

අනතුරු ඇඟවීමේ කාලසීමාව තුළ රියදුරන් 18000 කට වැඩි පිරිසක් මෙලෙස නීති විරෝධී අන්දමින් ජංගම දුරකතන භාවිත කර ඇති බව සඳහන්.

දිනෙන් දින වර්ධනය වෙමින් පවතින මාර්ග අනතුරු පාලනය කිරීම හා රියදුරන් ආරක්ෂාකාරි රිය ධාවනයකට අවතීරණය කිරීම නව වැඩපිළිවෙලේ අරමුණයි.

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »

මොලී යළිත් හිමිකරුවන් වෙත

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ වඩාත් ජනප්‍රිය පක්ෂියකු වූ මොලී යළිත් හිමිකරුවන් වෙත භාර දීමට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

Read More »