
අසාමාන්‍ය වියලි කාලගුණය හේතුවෙන් මිලියන ගණනක් වූ ක්‍රිස්මස් දූපතේ රතු කකුළුවන් දූපත් අභ්‍යන්තරයේ සිට මුහුදට සංක්‍රමණය වීම ප්‍රමාද වී තිබෙනවා.
ක්‍රිස්මස් දූපතේ රතු කකුළුවන් මිලියන 100කට වැඩි ප්‍රමාණයක් සිටින අතර එම භූමියෙන් වැඩි ප්‍රමාණයක් ජාතික වනෝද්‍යානයක් ලෙසටයි නම් කර ඇත්තේ.
මෙම කකුළුවන් ඉන්දියන් සාගර දූපතට ආවේණික වන අතර ඕස්ට්‍රේලියානු නීතියෙන් ද ඔවුන්ට ආරක්ෂාව ලබාදී තිබෙනවා.

බලධාරීන් පවසන්නේ සුවිශේෂී වියලි තත්වයන් මෙවර සංක්‍රමණයට බාධාවක් වී ඇති අතර පසුගිය මාස 12තුළ ලැබී ඇත්තේ සාමාන්‍ය වර්ෂාපතනයෙන් අඩක් පමණ වන බවයි.
මෙම කකුළු සංක්‍රමණ වාර්තා සටහන් තැබීම ආරම්භයෙන් පසු පෙබරවාරි මාසයේදී කකුළුවන් ගමන් කළ පළමු අවස්ථාව මෙය ලෙසටයි සැලකෙන්නේ.

මේ අනුව ක්‍රිස්මස් දූපතේ රතු කකුළුවන් සංක්‍රමණය වීම මාස දෙකක පමණ ඓතිහාසික ප්‍රමාදයක් සිදු කර තිබෙනවා.
දේශගුණික විපර්යාස මෙවර සංක්‍රමණයට බාධාවක් වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
සාමාන්‍යයෙන් රතු කකුළුවන් සංක්‍රමණය වීම සිදු කරනු ලබන්නේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල වන අතර වියළි කාලය මේ වසරේ ජනවාරි දක්වා පැවතීම ඊට හේතුවක්.
මෙම සංක්‍රමණය යනුවෙන් අදහස් කරනු ලබන්නේ රතු කකුළුවන් දූපතේ අභ්‍යන්තරයේ සිට වර්ගයා බෝ කිරීම සඳහා සාගරයට ගමන් කිරීම වන අතර එහිදී ගැහැණු සතුන් බිත්තර දැමීමට රැඳී සිටින අතර පිරිමි සතුන් නැවත ගොඩබිමට පැමිණෙනවා.