Search

ගෝත්‍රික ගැටුම්වලින් මියගිය සැබෑ ගණන ගැන මුල් වරට හෙළිදරව්වක්

පැපුවා නිව්ගිනියාවේ උතුරු කඳුකරයේ ගෝත්‍රික සටන්වලින් මියගිය සංඛ්‍යාව 26ක් බව ඔස්ට්‍රේලියානු විකාශන සංස්ථාව ප්‍රකාශ කරනවා.

මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, මියගිය ගණන 64ක් බවයි.

කෙසේ වෙතත්, එය වැරදි ගණනය කිරීමක් බවයි මේ වනවිට ප්‍රකාශ කර ඇත්තේ.

ඔස්ට්‍රේලියානු රාජ්‍ය විකාශන සංස්ථාවට අනුව එංගා පළාතේ ගෝත්‍ර දෙකක ජනතාවගේ ගැටුමක් අතර සැඟවී සිට එල්ල කළ ප්‍රහාරයකින් මෙම පුද්ගලයින් මිය ගොස් ඇති බව සඳහන්.

කලක් තිස්සේ පැවති ගෝත්‍රික සටන් උත්සන්න වී දෙපිරිස අතර ප්‍රචණ්ඩත්වය වර්ධනය වී එය ගැටුමක් බවට පත්ව තිබෙනවා.

බලධාරීන් ජනතාවට සන්සුන්ව සිටින ලෙස ඉල්ලා ඇති අතර, මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරන බවයි පවසන්නේ.

උතුරු කඳුකර ප්‍රදේශය දිගු කලක් ප්‍රචණ්ඩත්වය සමඟ අරගල කරන නමුත් මෙම ඝාතන වසර කිහිපයකින් සිදු වූ දරුණුතම ඝාතන බව විශ්වාස කෙරෙනවා.

මේ අතර, පැපුවා නිව්ගිනියාවේ පොලිස් නිලධාරීන් පුහුණු කිරීම සහ ආරක්ෂාව සඳහා සැලකිය යුතු සහයෝගයක් ලබා දෙන බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පවසා තිබෙනවා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »