Search

ජීවිතයම වෙනස් කරන්න අතට ආපු වාසනාව ගෙදර ගෙනියන්න පිනක් නැති වූ හැටි

නියමිත දිනට පෙර හිමිකම් කීමට අපොහොසත් වීම හේතුවෙන් ලොතරැයියකින් හිමිවූ ඩොලර් මිලියන 36ක ත්‍යාගයක් එම ලොතරැයියේ හිමිකරුට නොලැබීමේ සිදුවීමක් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

ජයග්‍රාහී ලොතරැයි දිනුම් ඇදීමේ දිනයේ සිට දින 180ක් ඇතුලත ජයග්‍රහණය සම්බන්ධයෙන් තහවුරු කර මුදල් ලබා ගත යුතු වුව ද එම කාලසීමාව ඇතුලත අදාළ ජය තහවුරු කර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නැහැ.

වාසනාවන්ත එක්සත් ජනපද ජයග්‍රාහකයාට හිමිකම් කාලසීමාව මග හැරීමෙන් පසු ජීවිතය වෙනස් කරන මුදල ලබා ගැනීමට නොහැකි වීම හමුවේ මිලියන ගණනක් වටිනා ලොතරැයි ටිකට් පත අවලංගු කර තිබෙනවා.

2023 වසරේ අගෝස්තු මාසයේ මෙම දිනුම් ඇඳීම සිදු කර ඇති අතර එහි දින 180ක හිමිකම් කාලසීමාව අවසන් වී තිබුණේ පසුගිය ඉරිදා දිනයෙන්.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ජයග්‍රාහකයාට ජයග්‍රහණය අහිමි වූ අතර ටිකට් පතේ වටිනාකම එය මුද්‍රණය කළ කඩදාසියට පමණක් වන බවයි ෆ්ලොරිඩා ලොතරැයියේ ප්‍රකාශක මිෂෙල් ග්‍රයිනර් ප්‍රකාශ කළේ.

Mega Millions වෙබ් අඩවියට අනුව, 2023 වසරේදී මෙවැනි දැවැන්ත මුදලක් ජයග්‍රාහකයින් විසින් ලබා නොගත් එකම ජැක්පොට් ටිකට්පත මෙයයි.

මීට පෙර 2021 වසරේදී කැලිෆෝනියාවේ කාන්තාවකට ඩොලර් මිලියන 26ක ත්‍යාගයක් අහිමි වී ගියේ රෙදි සේදීමේ දී ලොතරැයිය විනාශ වීම හේතුවෙන්.

ෆ්ලොරිඩාවේ නීතියට අනුව හිමිකම් නොකියන ලොතරැයි ත්‍යාග මුදල්වලින් සියයට 80ක් අධ්‍යාපනය සඳහා භාර අරමුදලකට මාරු කළ යුතු අතර ඉතිරිය ත්‍යාග සංචිත සඳහා තබා ගත යුතු වනවා.

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »