Search

ඔස්ට්‍රේලියාවේ දුම් පානය කරන අය අතර ඔබත් ඉන්නවා නම් මේ තොරතුරු වැදගත් වෙයි

ඔස්ට්‍රේලියාවේ දුම් පානය කරන්නන් පිළිබඳ නවතම අධ්‍යයනයක් මගින් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

දුම්වැටි පැකට්ටුවක් සඳහා ඩොලර් 40ක පමණ බදු සහ දුම් පානයෙන් මිය යන බවට විද්‍යාත්මක සාක්ෂි තිබියදීත්, ඔස්ට්‍රේලියානුවන් මිලියන 2.5ක් දිනපතා දුම් පානය කරන බවටයි හෙළිවී ඇත්තේ.

ඔස්ට්‍රේලියා ජාතික විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ අධ්‍යයනයට අනුව, බොහෝ දුම් පානය කරන්නන් නගරයේ ජීවත් වන, හොඳ රැකියාවක් කරන සහ හොඳ මානසික සෞඛ්‍යයක් ඇති උගත් පිරිමින් බව සඳහන්.

මෙම අධ්‍යයනයෙන් 23,000ක පමණ පිරිසකගේ නියැදියක් විශ්ලේෂණය කරන ලද අතර, දිනපතා දුම් පානය කරන, දුම් පානය කළ සහ කිසි විටෙකත් දුම් පානය නොකළ පුද්ගලයින්ගේ තොරතුරු ලබාගෙන තිබුණා.

දුම්කොළ ආශ්‍රිත දුම්පානය ඕස්ට්‍රේලියාවේ මරණ සහ විවිධ රෝගවලට ප්‍රධානතම හේතුවක් වී ඇති අතර එමගින් සෑම වසරකම ඕස්ට්‍රේලියානුවන් 24,000ක් පමණ ජීවිතක්ෂයට පත්වන බව සඳහන්.

2023 වසරේ දී අලුතින් පනවන ලද බදු හේතුවෙන් 2026 දක්වා සෑම වසරකම දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනමිල සියයට 5කින් වැඩි කරනු ලබනවා.

ඒ අනුව 2026 වසර වන විට දුම්වැටි 20 පැකට්ටුවක මිල ඩොලර් 50ක් පමණ වන අතර 2030 වන විට විශේෂඥයින් අපේක්ෂා කරන්නේ දුම්වැටි 30ක පැකට්ටුවක මිල ඩොලර් 100ක් වනු ඇති බවටයි.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »