සිල්ලර බඩු මිල ඉහළ යාම හමුවේ ඔස්ට්‍රේලියානුවන් දැඩි අර්බුධයකට ලක්වී ඇතැයි නවතම සමීක්ෂණ වාර්තාවක් අනාවරණ කරනවා.
විවිධ අංශවල භාණ්ඩ මිල ඉහළ යාමේ මෑත කාලීන සිදුවීම් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් සිල්ලර බඩු ලබා ගැනීමට අරගලයක නිරත වන බවටයි සඳහන් වන්නේ.
ෆයින්ඩර් හි පර්යේෂණයකින් පෙනී ගොස් ඇත්තේ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 39ක් එනම් මිලියන 3.6ක අසන්න පවුල් ප්‍රමාණයකට ඔවුන්ගේ සිල්ලර බඩුවලට යන වියදම ප්‍රධාන මූල්‍ය ආතතියක් බවට පත්වී ඇති බවයි.
එය වසර දෙකකට පෙර තිබී ඇත්තේ සියයට 29ක පමණ අගයකයි.
සාමාන්‍යයෙන්, ඔස්ට්‍රේලියානුවන් මෙම පෙබරවාරි මාසයේදී සිල්ලර බඩු සඳහා සතියකට ඩොලර් 188ක් වැය කරන බව අනාවරණ වී ඇති අතර එය වසරකට ඩොලර් 9776ක් පමණ වන අගයක්.
එමෙන්න්ම ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 92ක් මුදල් ඉතිරි කර ගැනීම සඳහා සාප්පු සවාරි උපාය මාර්ග ද ක්‍රියාත්මක කර ඇති බවයි ෆයින්ඩර් හෙළි කරගෙන ඇත්තේ.
මෙම පීඩාකාරී ගෘහස්ථ අයවැය මධ්‍යයේ, පුද්ගලයන් හය දෙනෙකුගෙන් එක් අයෙකු එදිනෙදා වියදම් සඳහා ගෙවීම ණය මත රඳා පවතින බව සඳහන්.
සමීක්ෂණයෙන් හෙළිවී ඇති තවත් කරුණක් වූයේ මූල්‍ය ආතතියෙන් පෙළෙන සියයට 8.5 ක් පුණ්‍යායතනයකින් උපකාර ඉල්ලා සිටීමට හෝ එසේ කිරීමට සලකා බලමින් සිටින බවයි.
බොහෝ ඔස්ට්‍රේලියානුවන් විශ්වාස කරන්නේ ජීවන වියදම් අර්බුදය විසඳීම සඳහා රාජ්‍ය ව්‍යාපාර වැඩි වැඩියෙන් ස්ථාපිත කළ යුතු බවයි.
සිල්ලර බඩු මිල ඉහළ යාම ගෘහස්ථ අයවැය මත සැලකිය යුතු පීඩනයක් ඇති කරන බව ෆයින්ඩර් හි මුදල් විශේෂඥවරයා සඳහන් කළා.
ඔහු පෙන්වා දෙන්නේ බොහෝ දෙනෙකු පීඩාකාරී ස්ථානයක සිටින අතර සහනයක් සලසා ගැනීමට මිනිසුන් සාප්පු සවාරියේ නිරත වීමේදී අවධානයෙන් යුතුව මිලදී ගැනීම් සිදු කළ යුතු බවයි.