ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බීමත් බව බලන්න අලුත් යෝජනාවක්

පාර්ලිමේන්තු නියෝජිතයි මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කර ඇත් ද යන්න පරීක්ෂා කිරීමේ යෝජනාව පිළිගන්නා බව ෆෙඩරල් රජයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරියක් පවසනවා.

මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ මතබේධකාරී හැසිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ගුණධර්ම පිළිබඳ නව කතිකාවක් මතුවී තිබීම හේතුවෙනුයි මෙම යෝජනාව කරළියට පැමිණ ඇත්තේ.

සඳුදා රාත්‍රියේ පැවති රූපවාහිනී විවාදයකදී දේශීය සෞඛ්‍ය පිළිබඳ සහකාර අමාත්‍ය මැලන්ඩිරි මැකාති පැවසුවේ අවශ්‍ය නම් එවැනි නීතියක් ගෙන ආ හැකි අතර තමාට කිසිදු ගැටළුවක් නොමැති බවයි.

දේශපාලඥයින් වරප්‍රසාද ලත් තනතුරුවල සිටින අතර ඔස්ට්‍රේලියානුවන්ගේ අපේක්ෂාවන් දේශපාලනඥයන් ලෙස තමන් සැමවිටම මතක තබා ගත යුතු බවයි මැකාති පැවසුවේ.

රට පුරා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිවැරදි දේ කිරීමට සහ නිසි ලෙස හැසිරීම පිළිබඳ වඩාත් සතුටු වන අතර ඒ සඳහා පරීක්‍ෂණ අවශ්‍ය නම් එය සිදු කළ හැකි බව ද අමාත්‍යවරිය සඳහන් කළා.

කෙසේවෙතත් ලිබරල් පක්ෂ මන්ත්‍රී සහ හිටපු ඡායා ඇමති ජුලියන් ලීසර් පරීක්ෂණ සඳහා වන යෝජනාවට කිසිදු සහයෝගයක් ලබාදී නැහැ.

ඔහු පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ හැසිරෙන ආකාරය ගැන සිතා බැලිය යුතු අතර තේරී පත්වන පුද්ගලයින් යම් තරමක පුද්ගලික වගකීමක් ද ඉටු කළ යුතු බවයි.

ජාතික පෙරමුණේ මන්ත්‍රී බර්නාබි ජොයිස් මේ මස මුලදී පාර්ලිමේන්තු කාලයෙන් පසු මත්පැන් පානය කර වීදියේ වැතිර සිටියදී රූගත කර තිබුණා.

එමෙන්ම නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සෙනෙට් සභිකපෙරින් ඩේවි ද රාත්‍රියේ පැවති සෙනෙට් කමිටු රැස්වීමකදී මත්පැන් භාවිත කළ බවට චෝදනා එල්ලවූ අතර ඇය අවධාරණය කළේ තමා බීමත්ව නොසිටි බවයි.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »