Search

ඔස්ට්‍රේලියා ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් ඓතිහාසික ගමනකට සියල්ල සූදානම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම ස්වදේශික රොකට්ටුව අභ්‍යවකාශ ගත කිරීමට ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තය සුදානම් වනවා.

ගිල්මෝර් ස්පේස් ටෙක්නොලජි සමාගම විසින් ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදිත එම රොකට්ටුවේ පළමු ඡායාරූපය මේ වන විටත් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

2015 වසරේ ආරම්භ වූ මෙම ව්‍යාපාතිය සඳහා තවත් ඩොලර් මිලියන 55ක අමතර මුදලක් වැය කර ඇති බවද සඳහන්.

එහි පළමු පෙරහුරු දියත් කිරීම තවත් මාසයක් ඇතුළත සිදු කිරිමට නියමිත වන අතර එය හොඳින් සිදු වුවහොත් එරිස් නම්වූ එම රොකට් යානය අභ්‍යවකාශගත කිරීමට සුදානම් බවයි සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ඇඩම් ගිල්මෝර් පප්‍රකාශ කළේ.

මේ සදහා ඔස්ට්‍රේලියානු අභ්‍යවකාශ ඒජන්සියේ අනුමැතිය ලබා ගැනීමයි නියමිත අතර එය ඉක්මනින් ලබා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා.

එරිස් ලෙස නම් කර ඇති මෙම රොකට්ටුව මිනිසුන් රහිත රොකට්ටුවක් වන අතර ටොන් 30 කට වඩා බරින් සහ මීටර් 25 ක් පමණ දිගින් යුතු වනවා.

මෙම ව්‍යාපෘතිය සාර්ථක වන්නේ නම් ලබන අප්‍රේල් මස වන විට ඔස්ට්‍රේලියාවේ ප්‍රථම ස්වදේශික රොකට්ටුව අභ්‍යවකාශ ගතවීමට නියමිතයි.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »