වඩාත්ම ආදරය කළ සැමියාගේ මරණය නිසා රුසියානු විපක්ෂ නායකගේ බිරිඳ දැඩි තීරණයක් ගනී

ජනාධිපති ව්ලැද්මීර් පුටින් විසින් තම සැමියා ඝාතනය කළ බවට ජිවිතක්ෂයට පත්වූ රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ බිරිඳ චෝදනා කරනවා.

තම සැමියා විසින් සිදු කරගෙන ආ සටන අඛණ්ඩව සිදු කරගෙන යන බවටයි මෙම චෝදනා කරමින් ඇය සහතික වී ඇත්තේ.

නවාල්නිගේ මවට ද ආක්ටික් යටත් විජිතයක බන්ධනාගාරයක තබා ඇතැයි කියන සිරුර දැක බලා ගැනීමට අවස්ථාව ලබාදී නොමැති බවට ඇය චෝදනා කරනවා.

ඔහුගේ ඝාතනය වසන් කිරීම සඳහා සිරුර මවට භාරදීම ප්‍රතික්ෂේප කරන බවටයි යුලියා නවල්නායා බලධාරීන්ට චෝදනා කළේ.

කෙසේවෙතත් රුසියානු බලධාරීන් පැවසුවේ සිකුරාදා මියගිය 47 හැවිරිදි නවාල්නිගේ මරණයට හේතුව තවමත් නොදන්නා බවයි.

2021 වසරේ ජනවාරි මාසයේ සිට සිරගතව සිටි නවාල්නි අත්අඩංගුවට පත්වූ දින සිට විවිධ චෝදනා මත ඔහුට සිර දඬුවම් තුනක් ලැබී තිබුණා.

ඔහු එම චෝදනා ගණනාවක් ප්‍රතික්ෂේප කළේ දේශපාලනිකව එල්ල කරන ලද ඒවා බව පවසමින් .

නවාල්නිගේ බලාපොරොත්තුව වූ අනාගතයේ සුන්දර රුසියාවක් පිළිබඳ සිහිනය සැබෑ කර ගැනීම සඳහා එක්වන ලෙසටයි සැමියා වෙනුවෙන් ශෝකය පළ කරන සියලු දෙනාගෙන් බිරිඳ ඉල්ලා සිටියේ.

ඔහු කළ පරිත්‍යාගය අපතේ නොහරින ලෙසට ඇය ඉල්ලා සිටින අතර ඇලෙක්සි වෙනුවෙන් කළ හැකි ප්‍රධානතම දෙය නම් දිගටම සටන් කිරීම බව ද ඇය සඳහන් කළා.

විචාරකයන් පෙන්වා දෙන්නේ ඇලෙක්සි නවාල්නිගේ මරණයේ අවසන් කටයුතුවලින් අනතුරුව බිරිඳ දේශපාලනයට පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බවයි.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »