බ්‍රිතාන්‍ය අගමැතිගේ රූපවාහිනී සාකච්ඡාවක් ගැන පැමිණිලි 500ක් – විශේෂ විමර්ශනයක් ඇරඹෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනක් පසුගියදා ජීබී නිව්ස් ආයතනයේ පෙනී සිටීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ සන්නිවේදන සහ විකාශන නියාමකයා වන ඔෆ්කොම් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ජීබී නිවුස් හි පැවති සංවාදයේදී අග්‍රාමාත්‍යවරයා අපක්ෂපාතී නීති කඩ කළේ ද යන්න මෙහිදී විමර්ශනය කෙරෙනු ඇති.

ඔෆ්කොම් ලෙස පොදුවේ හැඳින්වෙන සන්නිවේදන කාර්යාලය, එක්සත් රාජධානියේ විකාශන, විදුලි සංදේශ සහ තැපැල් කර්මාන්ත සඳහා රජය විසින් අනුමත කරන ලද නියාමන අධිකාරියයි.

ඊට රූපවාහිනිය, ගුවන්විදුලිය, ටෙලිකොම් සහ තැපැල් අංශ ඇතුලු පුළුල් පරාසයක බලතල පවතිනවා.

නිවේදනයක් නිකුත් කරමින්, ඔෆ්කොම් ආයතනය පැවසුවේ පෙබරවාරි 12 වනදා GB News හි විකාශය වූ වැඩසටහන පිළිබඳව පැමිණිලි 500කට වැඩි ප්‍රමාණයක් පමණ ලැබී ඇති බවයි.

ප්‍රවෘත්ති විකාශකයින් නියමිත නිරවද්‍යතාවයෙන් සහ අපක්ෂපාතීව ප්‍රවෘත්ති ඉදිරිපත් කළ යුතු බව බ්‍රිතාන්‍ය නීතිරීතිවල සඳහන්.

ප්‍රේක්ෂකයන්ගෙන් මාතෘකා ගණනාවක් පිළිබඳ ප්‍රශ්නවලට අගමැතිවරයා පිළිතුරු දුන්න ද විකල්ප අදහසක් ඉදිරිපත් නොකළ බවට පැමිණිලිකරුවන් චෝදනා කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ නිල ප්‍රකාශකයා පැවසුවේ රිෂි සුනක් මහතා සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳ පසුනොතැවෙන බවයි.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »