Search

සොහොයුරාගේ මළ සිරුර සමග වසර ගණනාවක් මෙල්බන් නුවර ජීවත් වූ කාන්තාවක් ගැන තොරතුරු හෙළිවෙයි

මෙල්බර්න් නුවර නිරිතදිග ජීලෝන්ග් ප්‍රදේශයේ තම සහෝදරයාගේ මළ සිරුර සමඟ වසර ගණනාවක් ජීවත් වූ කාන්තාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ප්‍රදේශවාසීන් පොලිසියට ලබා දුන් තොරතුරකට අනුව කළ සොයා බැලීමකදී යි මෙම තොරතුරු හෙළි වී ඇත්තේ.

ජීලෝන්ග් ප්‍රදේශයේ 70 හැවිරිදි කාන්තාවක් වසර ගණනාවක් තිස්සේ මෙලෙස තම සොහොයුරාගේ මළ සිරුර සමග ජීවත් වූ බවට හෙළි වී ඇති අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

නිව්ටවුන් හි රසල් ශාන්ත හි නිවාස ඒකකවල පදිංචිකරුවන් පැමිණිලි කළ ද පොලිසිය මෙම බිහිසුණු සිදුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කර නොතිබූ බව සඳහන්.

අසල්වැසියෙකු සඳහන් කළේ මළ සිරුර වසර පහක් පමණ කාලයක් නිවස තුළ තිබෙන්නට ඇති බවයි.

මියගිය පුද්ගලයාගේ මුදල් හැසිරවූ භාරකරු නිවාස කුලිය නිවැරදිව පියවා තිබීම හේතුවෙන් එහි ගැටළුවක් මතුවී නැහැ.

සම්බන්ධතා නොමැතිකම, ප්‍රවේශයක් නොමැතිකම සහ දේපලවල දුර්වල තත්ත්වය පිළිබඳව එල්ලවූ චෝදනා හේතුවෙන් මෙම නිවසේ පරීක්‍ෂණ කිහිපයක් සිදු කර තිබුණ ද මෙම සිරුර හමුවී නොමැති බව සඳහන්.

සිද්ධියෙන් පසු සුබසාධන ගැටළු විමර්ශනය සඳහා නිවාස දෙපාර්තමේන්තුව නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

මළ සිරුර අසල ජීවත් වූ කාන්තාවට මෙම මරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති අතර මෙම පුද්ගලයාගේ මරණයට හේතුව ද මෙතෙක් ප්‍රසිද්ධියට පත් වී නැහැ.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »