Search

ඔස්ට්‍රේලියාවේ වයින් නිෂ්පාදකයින්ට අලුත් බලාපොරොත්තුවක්

නියමිත උෂ්ණත්වය සහ ස්ථාවර වර්ෂාපතනය හමුවේ ඔස්ට්‍රේලියාවේ වයින් නිෂ්පාදකයින් වසර ගණනකට පසු ඔවුන්ගේ හොඳම නිෂ්පාදනය වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් දේශීය වයින් මිල ගණන් වෙලඳපොළ තුළ අධික ලෙස පහත වැටෙමින් පවතින අතර, දැනට ලීටර් බිලියන දෙකක අතිරික්තයක් පවතින බව සඳහන්.

චීනය පනවා ඇති වෙළඳ තීරුබදු ඉවත් කර ගත හැකි බවට ද වන අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියා වෙළඳ අමාත්‍යවරයා නුදුරේදීම චීන වෙළඳ ඇමති හමුවීමට ද නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ වයින් කර්මාන්තයට පනවා ඇති තීරුබදු ඉවත් කරනු ඇතැයි යන නව ශුභවාදී බලාපොරොත්තු මධ්‍යයේ නිව් සවුත් වේල්ස් හි වයින් නිෂ්පාදනයේ සියයට 50ක වැඩිවීමක් සිදුවී තිබෙනවා.

වයින් කර්මාන්ත ශාලාවක හිමිකරුවෙක් සඳහන් කළේ මෙවර අස්වැන්න නෙළීම මාර්තු මස අවසානය දක්වා පවතින අතර අස්වැන්නේ ගුණාත්මකභාවය සහ ප්‍රමාණය පෙර වසරවලට වඩා ඉහළ ගොස් ඇති බවයි.

2020 වසරේ දී චීනය ඔස්ට්‍රේලියාවේ වයින් ආනයනය සඳහා සියයට 218ක බද්දක් හඳුන්වා දුන් අතර එමඟින් ඔස්ට්‍රේලියාවට පැවති ඩොලර් බිලියන 1.2ක අදායමක් අහිමි වුනා.

එම තීරුබදු හඳුන්වා දුන් දා සිට, ඔස්ට්‍රේලියාවේ වයින් නිෂ්පාදකයින් එක්සත් රාජධානිය, යුරෝපය සහ උතුරු ඇමරිකාවට අලෙවිය වැඩි කිරීම සමඟ රටේ අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණයට ලක්ව තිබෙනවා.

එසේ තිබියදීත්, 2018 වසරේදී වාර්තාගත වූ ඉහළම අපනයනය වන ලීටර් මිලියන 852 සිට 2023 වසරේ දී ලීටර් මිලියන 621 දක්වා පහත වැටී ඇතැයි සඳහන්.

Auslankatv Today’s Top Stories.2024.10.07

ඇඩිලේඩ්වල $ ලක්ෂ 6කට වැඩි වැටුපක රැකියාවකට සුදුස්සෙකු සොයයි සිඩ්නිහිදී මිතුරාගේ වාහනයේ ගැටී ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

Read More »

ඇඩිලේඩ්වලින් බාලි දක්වා ගිය ගුවන් යානයක් හදිසි ගොඩබැස්විමක

ඇඩිලේඩ් සිට බාලිහි ඩෙන්පසාර් දක්වා පියාසර කරමින් තිබූ ජෙට්සාර් ගුවන් යානයක වැසිකිළි ගැටළුවක් හේතුවෙන් නැවත ගොඩබස්වා තිබෙනවා.

Read More »

වේගයෙන් යන්න ගිය මෙල්බන් තරුණයෙකුට කාර් එකත් නැති වෙයි

මෙල්බන් තදාසන්න ප්‍රදේශයක පැයට කිලෝමීටර 50ක වේග සීමා කලාපයකදී පැයට කිලෝමීටර 120කට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමේ චෝදනා එල්ල වූ තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

Read More »

පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

මෙල්බන්හි රදගුරු මයිකොලා බයිචොක් (Mykola Bychok) ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරනු ලබන නව කාදිනල්වරුන් 21 දෙනාගෙන් කෙනෙකු ලෙස තෝරාගෙන තිබෙනවා.

Read More »