වික්ටෝරියා ප්‍රාන්තයේ ඩොලර් 200 ක කලාපීය සංචාරක වවුචර නිකුත් කිරීමේ දෙවන වටය අද ඇරඹේ!

වික්ටෝරියා ප්‍රාන්තයේ ඩොලර් 200 ක කලාපීය සංචාරක වවුචර නිකුත් කිරීමේ දෙවන වටය අද ඇරඹේ!

වික්ටෝරියානුවන්ට තම ප්‍රාන්තයේ කලාපීය ප්‍රදේශයන් ගවේෂණය කිරීමට දිරිගැන්වීම සඳහා ඩොලර් 200 ක කලාපීය සංචාරක වවුචර නිකුත් කිරීමේ දෙවන වටය අද උදේ 10 සිට ආරම්භ වීමට නියමිතයි.

වවුචර 40,000 කින් යුත් පළමු වටය දෙසැම්බර් මැද භාගයේදී ආරම්භ වූ අතර පැයකටත් අඩු කාලයකදී සියලුම වවුචර්පත් අවසන් වූ බව වාර්තා වේ.

බදාදා උදේ 10 සිට වික්ටෝරියානුවන්ට කලාපීය සංචාරක වවුචර නිකුත් කිරීමේ දෙවන වටය සඳහා ඉල්ලුම් කළ හැකිය. මෙම වටය සඳහා සුදුසු ගමන් කාලය ජනවාරි 27 සිට අප්‍රේල් 1 දක්වා වේ.

ඊළඟ වටයේ වවුචර්පත් නිකුත් කිරීම මාර්තු මස 30වන දින සිට ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා සුදුසු ගමන් කාලය වන්නේ අප්‍රේල් 6 සිට මැයි 31 දක්වා අතර කාල සීමාවයි.

වික්ටෝරියානු වැඩිහිටියන්ට අවම වශයෙන් ඩොලර් 400 ක් වත් ප්‍රාන්තයේ කලාපීය ප්‍රදේශවල නවාතැන්, ආකර්ශනීය ස්ථාන හෝ සංචාර සඳහා වියදම් කළ හොත් වවුචර සඳහා ඉල්ලුම් කළ හැකිය. මෙම වවුචර වික්ටෝරියා ප්‍රාන්තයෙන් පිටත පාවිච්චි කිරීමට නොහැකිය​.

වවුචර එක් නිවසකට එක් අයෙකුට සීමා කර ඇති අතර සුදුසුකම් ලැබීම සඳහා සංචාරකයින් අවම වශයෙන් රාත්‍රී දෙකක්වත් කලාපීය වික්ටෝරියා හි නවාතැන්(මුදල් ගෙවා වෙන් කර ගත හැකි) ගත යුතුවේ.

Yarra Valley, Mornington Peninsula සහ Bellarine යන කලාපීය සංචාරක ප්‍රදේශයන් මෙම යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලබන අතර වික්ටෝරියානුවන්ට ඔවුන්ගේ ගමන් දැනටමත් වෙන්කරවා ගෙන තිබුණද ඉල්ලුම් කළ හැකිය.

 

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »