
පැපුවා නිව්ගිනි රාජ්‍යයේ ගෝත්‍රික කණ්ඩායම් අතර හටගත් ගැටුම්වලින් පුද්ගලයන් 64 දෙනෙකු මියගොස් තිබෙනවා.
පොලිස් නිලධාරීන් පැවසුවේ එක් ගෝත්‍රික කණ්ඩායමක් ඔවුන්ගේ මිත්‍රයින් සහ කුලී හේවායන් සමඟ අසල්වැසි ගෝත්‍රයකට පහර දීමට යමින් සිටියදී ඔවුන් සැඟවී සිට පහරදී ඇති බවයි.
මෑත ඉතිහාසයේ පැපුවා නිව්ගිනි රාජ්‍යයේ උස්බිම්වල සිදු වූ විශාලතම මනුෂ්‍ය සංහාරය මෙය විය හැකි බවයි ප්‍රාදේශීය පොලිසිය සඳහන් කළේ.

උග්‍රවන ගෝත්‍රික සටන් හේතුවෙන් එංගා පළාත පසුගිය වසරේ මාස කිහිපයක් වසා දැමීමට ද ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණා.
එමෙන්ම ප්‍රචණ්ඩත්වය ඉහළ නංවන කලාපයට ගිනි අවි සහ පතොරම් සැපයීම නතර කිරීමට ද පොලිසිය දැඩි උත්සාහයක නිරත වී තිබෙනවා.

මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි උපකල්පනය කරන අතර ජනතාවට සන්සුන්ව සිටින ලෙසටයි පොලිසිය ඉල්ලා ඇත්තේ.
මේ අතර අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් පැවසුවේ මෙම සමූල ඝාතනය පිළිබඳ පුවත ඉතා කණගාටුදායක බවයි.
පසුගිය වසරේ අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුමක් යටතේ පැපුවා නිව්ගිනි පොලිසියට පුහුණුව ලබා දීමට ඔස්ට්‍රේලියාව එකඟ වී තිබෙනවා. අගමැතිවරයා ප්‍රකාශ කළේ පැපුවා නිව්ගිනි බලධාරීන් ඉල්ලා සිටින්නේ නම් ප්‍රායෝගික ආකාරයෙන් හැකි ඕනෑම සහයෝගයක් ලබා දීමට සූදානම් බවයි.