Search

ආසියානු සංචාරකයෙකුගේ ගමන් මල්ලකින් හමුවූ සතෙක් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත වැසියන්ට විශේෂ දැනුම්දීමක්

සංචාරකයින් තම ගමන් මලු තුළ රැගෙන එන දෑ සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

ආසියානු රටක සිට පැමිණි සංචාරකයෙකු නවාතැන් ගෙන සිටි නිවසකින් දුගඳ හමන මකුළුවෙකු හමුවීමත් සමග ගමන් මලු පරික්ෂාව පිළිබද ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී ඇති බව සඳහන්.

නිව් සවුත් වේල්ස් ප්‍රාථමික කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විමර්ශණයක දී සංචාරකයෙකුගේ ගමන් මල්ලක තිබූ කලිසම් සාක්කුවකින් මෙම දුගඳ හමන මකුණා හමුව තිබෙනවා.

මෙම දුගඳ හමන මකුණන් එනම් Halyomorpha ලෙස නම් කර ඇති අතර එම සතුන් ඔස්ට්‍රේලියාව පුරා ව්‍යාප්ත වුවහොත් ශාඛ විශේෂ 300ක් පමණ විනාශ වනු ඇතැයි පරිසරවේදීන් පෙන්වා දෙනවා.

මේ අතර අදාළ මකුණන් ඔස්ට්‍රේලියාවේ පැතිර ගියහොත් එය කළමනාකරණය කිරීම අතිශයින් දුෂ්කර වන අතර ඒ සඳහා විශාල මුදලක් ද වැය වන බවයි වාර්තා වන්නේ.

බලධාරීන් නිව් සවුත් වේල්ස් වැසියන්ට දැනුම් දී ඇත්තේ නිවස අවට සහ තම ඇඳුම්, සපත්තු සහ ගමන් මලු තුළ දුගඳ හමන සතෙකු සිටී දැයි අවදානයෙන් පසුවන ලෙසයි.

එලෙස දුඹුරු පැහැයට හුරු මකුණු විශේෂයක් සිටී නම් 1800 084 881 දුරකතන අංකය අමතා අදාළ අංශ දැනුවත් කරන ලෙස වැඩි දුරටත් දන්වා සිටිනවා.