Search

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබත් මේ කැසිනෝ සමාජ ශාලාවට යනවා ද?

සාපරාධී ක්‍රියා රැසක් වාර්තා වීමත් සමග සිඩ්නි හි කැසිනෝ සමාජ ශාලා පිළිබඳ නව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ද ස්ටාර් ලෙස නම්කර ඇති සිඩ්නි අගනුවර වඩාත් ප්‍රසිද්ධ කැසිනෝ සමාජ ශාලාව සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්වල මූලස්ථානයක් බවට පත්ව ඇතැයි හෙළි වීමත් සමගයි මෙම විමර්ශණ ආරම්භ කර ඇත්තේ.

මීට පෙරද අදාළ කැසිනෝ ශාලාවට ඩොලර් මිලියන 100ක දඩ මුදලක් ගෙවීමට මෙන්ම බලපත්‍රය අත්හිටුවීමට ද නියෝග ලැබී ඇති බව සදහන්.

නිව් සවුත් වේල්ස් ස්වාධීන කැසිනෝ කොමිෂන් සභාව විසින් සති 15ක පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නීතිඥ ඇඩම් බෙල් පත් කර තිබුණා.

කෙසේ වෙතත් අදාළ කැසිනෝ සමාජ ශාලාව දිගින් දිගටම තම ප්‍රමීතින්ට පටහැනිය ක්‍රියා කරන බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන් මුදල් විශුද්ධිකරණය, අපරාධකරුවන් එහි සූදුවේ නියැලීම සහ වංචා සම්බන්ධයෙන් දිගින් දිගටම එම කැසිනෝ ශාලාව වෙත චෝදනා එල්ල වී තිබුණා.

කැසිනෝ ශාලාව වසා දැමීමත් සමග සේවකයින් දහස් ගණනකට රැකියා අහිමි වි ඇති අතර අදාළ බලපත්‍රය ලබා ගැනීමට නම් සම්පුර්ණයෙන්ම යළි ප්‍රතිසංස්කරනය කළ යුතු බවයි කොමිෂන් වාර්තා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් සිය කැසිනෝ බලපත්‍රය නැවත ලබා ගැනීමට “ද ස්ටාර්” සමාගම උත්සහ දරණ බව ද සඳහන්.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »