
ඔස්ට්‍රේලියාවේ සුපිරි ධනවතුන් 10 දෙනා නම් කර තිබෙනවා.
ජීවන අර්බුධය හමුවේ ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනක් පීඩාවට පත්ව ඇති අතර ඔස්ට්‍රේලියාවේ ධනවත්ම පුද්ගලයින් 50 දෙනා සෑම වසරකම තවදුරටත් ධනවත් වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
2024 වසරේ ෆොර්බ්ස් රිච් ලිස්ට් (Forbes rich list) නව දත්ත අනුව මෙම ධනවතුන්ගේ වත්කම් අඛණ්ඩව වර්ධනය වන බව සඳහන්.

2023 වසරේ එම දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ධනවත්ම පුද්ගලයින් 50 දෙනාගේ වත්කම සටහන් වූයේ ඩොලර් බිලියන 328ක් ලෙස වන අතර වර්තමානයේ ඔවුන් 50 දෙනාගේ වත්කම සටහන්ව ඇත්තේ ඩොලර් බිලියන 342ක් ලෙසයි.
පතල් ක්ෂේත්‍රයේ අධිපතිත්වය දරණ ජිනා රයින්හාර්ට් ඔස්ට්‍රේලියාවේ සුපිරි ධනවතා වන අතර ඇයගේ වත්කම බිලියන 30.2ක් වන අතර දෙවන ස්ථානය ද පතල් ක්ශේත්‍රය නියෝජනය කරන ඇන්ඩෲ ෆොරස් හිමිකරගෙන තිබෙනවා. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 21.5ක්

මීට අමතරව ට්‍රිබූෆ් ඩොලර් බිලියන 16.2ක්, මයික් කැනොන් ඩොලර් බිලියන 13.7ක් ද වශයෙන් පිළිවෙලින් තෙවන සහ සිව්වන ධනවතුන් ලෙස ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළට නම් කර තිබෙනවා.
ස්කොට් ෆෑකර් ඩොලර් බිලියන 13.5ක වත්කමක් සහ ඇන්තනී ප්‍රාට් ඩොලර් බිලියන 10.3ක වත්කමකට හිමිකම් කියන බව සඳහන්.