
බටහිර ඔස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ පිළිගත නොහැකි තරම් ඉහළ අගයකින් ගෘහස්ථ හිංසන ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි නවතම සංඛ්‍යාලේඛනවලින් අනාවරණ වී තිබෙනවා.
පොලිසිය විසින් නිකුත් කරන ලද 2023 වසරේ දෙසැම්බර් මාසයට අදාළ සංඛ්‍යාලේඛනවලට අනුව බටහිර ඕස්ට්‍රේලියාවේ වැඩිම පවුල් ප්‍රචණ්ඩත්වය වාර්තා වී ඇත්තේ කිම්බර්ලි ප්‍රදේශයෙන්.
ගෘහස්ථ හිංසනවලට එරෙහිව විසඳුමක් ඉල්ලා ප්‍රජා සාමාජිකයින් සහ සිවිල් සංවිධාන බ්‍රෝම් හි පාගමනක් ද සංවිධාන කර තිබෙනවා.

නොවැම්බර් මාසයේ කිම්බර්ලි ප්‍රදේශයෙන් වාර්තා වූ ගෘහස්ථ හිංසන 410 දෙසැම්බර් මාසයේදී 453 දක්වා ඉහළ ගොස් ඇති අතර එය වසරේ වාර්තා වූ වැඩිම අපරාධ සංඛ්‍යාව ලෙසටයි සැලකෙන්නේ.
පවුල් ආශ්‍රිතව තර්ජනාත්මක හැසිරීම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි ද 100 සිට 121 දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන්.

මෙම මස මුලදී නිකුත් කරන ලද ඔස්ට්‍රේලියා සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනුව 2ගෘහස්ථ හිංසන ආශ්‍රිත වැරදිවල සියයට 13ක වැඩි වීමක් පෙන්නුම් කරන අතර වැරදිකරුවන්ගෙන් සියයට 81ක් පිරිමින් ලෙසටයි හඳුනාගෙන ඇත්තේ.