ලබන මස අග දී කොරෝනා එන්නත ශ්‍රී ලංකාවට​! 50%කට එන්නත නොමිලේ ලබා දීමට සැලසුම් කෙරේ.

ලබන මස අග දී කොරෝනා එන්නත ශ්‍රී ලංකාවට​! 50%කට එන්නත නොමිලේ ලබා දීමට සැලසුම් කෙරේ.

ලබන මස අගදී ශ්‍රී ලංකාවේ මිලියන 11කට කොවිඩ් එන්නත ලබා දෙන බව ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

දැනට එන්නත් 04 ක් පිළිබඳව අවධානය යොමු වී ඇති බවත් එන්නත්කරණයේදී 50% කට එය නොමිලේ ලබා දීමට රජය සැලසුම් කර තිබෙන බව ද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සහභාගීත්වයෙන් සැලසුම් සහගතව එන්නත ලබාදීමේ ප්‍රමුඛතා ලයිස්තුවක් සකසා ඇති අතර 60 – 70 වයස් සීමා වල පසුවන්නන්ද එයට ඇතුලත් කර තිබෙනවා.

ඉදිරියේදී මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ජනතාවට ලබා දීමට අපේක්‍ෂා කරන බවයි ඔහු අවසානයේ සඳහන් කලේ.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »