Search

ඔස්ට්‍රේලියාවේ කාලගුණ වාර්තා අලුත් වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය වාර්තාගත මට්ටම් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී ප්‍රදේශ කිහිපයක සෙල්සියස් අංශක 50ක් දක්වා උෂ්ණත්වය ඉහළ ගොස් ඇති අතර, කලාපය පුරා නගරවල පෙර පැවති උෂ්ණත්ව වාර්තා බිඳ දමමින් නව උෂ්ණත්වයන් කිහිපයක් ශ්‍රේණිගත කර ඇති බවයි කාලගුණ අංශ වාර්තා කළේ.

කැනාවන් ගුවන් තොටුපළේ ඊයේ වාර්තා වූ අංශක 49.9 උෂ්ණත්වය මෙම ගිම්හාන සමයේදී රටේ උණුසුම්ම දිනය ලෙසට ද සටහන් වුණා.

එය ඔස්ට්‍රේලියාවේ පෙබරවාරි මාසයක වාර්තා වූ උෂ්ණත්වයෙන් වැඩි දෙවන දිනය වන අතර 1883 සිට කාලගුණ වාර්තා ආරම්භ වූ දා සිට නගරයේ උණුසුම්ම දිනය ද වී තිබෙනවා.

මධ්‍යම ඔස්ට්‍රේලියාවේ සිට උණුසුම් වාතය ගෙන එන නැගෙනහිර සුළං සමඟ මෙම තාප තරංගය පැමිණෙන බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ මෙතෙක් වාර්තාගත ඉහළම උෂ්ණත්වය ලෙසට සටහන් වන්නේ 2022 වසරේ ජනවාරි 13 වනදා ඔන්ස්ලෝ හි සහ 1960 වසරේ ජනවාරි 2 වනදා ඌඩ්නුඩාටාහි පැවති සෙල්සියස් අංශක 50.7ක උෂ්ණත්වයයි.

පර්ත් නගරයට ද අංශක 43ක ඉහළම උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකි අතර අද කලාපයට දැඩි ලැව්ගිනි අවදානමක් පිළිබඳව ද අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

උෂ්ණත්වය ජනතාවට දරාගත හැකි අවම මට්ටමකට පත්වීම මෙම සතියෙන් පසුව අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ අංශ ප්‍රකාශ කළේ.

දූෂණ චෝදනා විමර්ශනයට Qantas බලපෑම් කරලා ?

Qantas ගුවන් සමාගම විසින් ජාතික දූෂණ විරෝධී කොමිසමේ (NACC) ප්‍රධානීන්ට ලබාදී ඇති විශේෂ වරප්‍රසාද හේතුවෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත විය හැකි බව වාර්තා වනවා.

Read More »

මෙල්බන් ඇතුලු නගර රැසක ඉදිරි දින තුනේ කාලගුණයේ ලොකු වෙනසක්

Nothern Territory, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයන්ගේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වයේ ඉහල යෑමක් අද , හෙට සහ අනිද්දා දින තුළ අපේක්ෂා කළ හැකි බවට කාලගුණ විද්‍යා කාර්යංශය (BoM) විසින් සදහන් කර තිබෙනවා.

Read More »

මිනිත්තු කිහිපයක් වැය කර Blood Pressure අඩු කර ගන්න ඔස්ට්‍රේලියාවෙන් අලුත් අනාවරණයක්

සෑම දිනකම අවම වශයෙන් මිනිත්තු කිහිපයක් ව්‍යායාම්වල නිරත වීමෙන් ශරීරයේ රුධිර පීඩනය අවම කළ හැකි බවට ඔස්ට්‍රේලියානු පර්යේෂකයන් මූලික වී සිදුකළ ජාත්‍යන්තර අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

දිනෙන් දින වෙනස් වන ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කල (නොවැම්බර්7) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 199 කට ආසන්න වී තිබෙනවා

Read More »