Search

ව්‍යාජ App එකක් ගැන Apple පාරිභෝගිකයන්ට අනතුරු ඇඟවීමක්

ඇපල් අයිෆෝන් භාවිතා කරන්නන්ට ඔවුන්ගේ දුරකථන තුල ඇති ව්‍යාජ යෙදුමක් සම්බන්ධයෙන් එම ඇප් එක නිර්මාණය කළ සමාගමෙන් අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

මෙම යෙදුම App Store වෙතින් ඉවත් කර තිබුණ ද apple පාරිභෝගිකයින්ගෙන් කිසිවෙකු තවමත් ඔවුන්ගේ ජංගම දුරකථනයේ මෙම යෙදුම තබාගෙන ඇත්දැයි පරීක්ෂා කරන ලෙසටයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

LastPass ඇප් එකට සමාන, එහෙත් වැරදි අක්ෂර වින්‍යාසයක් සහිත නාමයක් වන LassPass මෙම වංචාවට සම්බන්ධ බවට හෙළිවී තිබෙනවා.

නිවැරදි ඇප් එක ආකාරයෙන්ම නිර්මාණය කළ වෙනත් යෙදවුමක් මගින් ඇපල් පාරිභෝගිකයන්ගේ දත්ත සොරකම් කිරීමට උත්සාහ කර ඇති බවට අනාවරණ වී තිබෙනවා

ව්‍යාජ යෙදුම බොහෝ දුරට සමාන වන අතර එය ඩවුන්ලෝඩ් කර ගැනීම තුලින් පාරිභෝගිකයන් රැවටීමට ලක්වී දුරකතනයේ දත්ත වංචනිකයන් අතට පත්වන බව සඳහන්.

Apple App Store හි LastPass යෙදුම ලෙස පෙනී සිටීමට උත්සාහ කරන වංචනික යෙදවුමක් පිළිබඳව තම ගනුදෙනුකරුවන්ට අවධානයෙන් පසුවන ලෙසටයි නීත්‍යානුකූල LastPass සමාගම පවසන්නේ.

මෙය ගනුදෙනුකරුවන්ගේ අවධානයට යොමු කර ඈත්තේ සිදු විය හැකි ව්‍යාකූලත්වය සහ පුද්ගලික දත්ත නැතිවීම වළක්වා ගැනීම සඳහායි.

ව්‍යාජ ඇප් එක ඩවුන්ලෝඩ් කර ඇති අය එය මකා දැමීමට සහ පාස්වර්ඩ් අප්ඩේට් කරන ලෙසටයි ඉල්ලා සිටින්නේ.

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »