
පාසැල අවසන් වී නිවසට යමින් සිටියදී මෙල්බර්න් නුවරදී මෝටර් රථයක ගැටීමෙන් මියගිය 12 හැවිරිදි පිරිමි ළමයාගේ දෙමාපියන් විසින් අනතුරට සම්බන්ධ රියදුරුට සමාව දී තිබෙනවා.
පසුගිය සිකුරාදා පාසල නිමවී නිවස බලා යමින් සිටි සිසුවා මල්ග්‍රේව්හි මාර්ගයක යමින් සිටියදීයි අනතුරට ලක්ව තිබුණේ.
ඔහු නිවසට යන අතරමග සෙල්ෆි ඡායාරුපයක් ද ගෙන ඇති අතර කාර්යබහුල මංසන්ධියක් තරණය කිරීමේදී මෝටර් රථයේ ගැටී තිබෙනවා.

මසුන් ඇල්ලීමට මෙන්ම එළිමහනේ කාලය ගත කිරීමට වඩාත් ප්‍රිය කළ මෙම සිසුවා පියා විසින් හඳුන්වනු ලැබුවේ විකාර සහගත පුදුමාකාර ළමයෙක් යනුවෙන්.
අනතුරින් පසු දෙමාපියන් එම ස්ථානයට කැඳවා ඇති අතර ඔවුන් සඳහන් කර ඇත්තේ මෙය රියදුරාගේ වරදක් නොවන බවයි.

ජංගම දැඩි සත්කාර ගිලන් රථයක වෛද්‍ය නිලධාරියෙක් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට දැඩි උත්සාහයක් ගෙන තිබුණ ද එය සාර්ථක වී තිබුණේ නැහැ.
සිසුවාගේ දෙමාපියන්ට අවශ්‍ය වී ඇත්තේ ඔහු වඩාත්ම ආදරය කළ එළිමහනේ ඔහුට ගෞරව කිරීමටයි.
සිද්ධියට සම්බන්ධ රියදුරු පොලිසිය සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇති අතර ඔහුට කිසිදු චෝදනාවක් එල්ල කර නොමැති බව ද සඳහන්.