
හඳුනා නොගත් සංක්‍රමණිකයින් විශාල පිරිසක් සිය භාරයට ගැනීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියා දේශසීමා බලකාය දේශපාලන එකමුතුවක් ඉල්ලා තිබෙනවා.
ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය මෙලෙස දේශපාලන එකමුතුවක් ඉල්ලා සිටින්නේ සරණාගතයින් කණ්ඩායම් දෙකක් පැය කිහිපයක් ඇතුළතබටහිර ඔස්ට්‍රේලියාවට පැමිණි සිද්ධියත් සමගයි.
සිකුරාදා දහවල් බීගල් බොක්ක ප්‍රදේශයෙන් සංක්‍රමණිකයින් 30 දෙනෙකු සොයා ගැනීමෙන් පැය කිහිපයකට පසු ඉන්දියාව සහ බංග්ලාදේශයෙන් පැමිණි පුද්ගලයින් 13 දෙනෙකු ද ස්වදේශික කඳවුරු භූමියකට පැමිණ සිටියදී සොයා ගැනුණා.

ඔවුන් සියලුදෙනා පසුව නාවුරු කඳවුර වෙත යවා ඇතැයි සඳහන්.
දේශසීමා බලකා කොමසාරිස් මයිකල් අවුට්‍රම් පැවසුවේ දේශපාලකයින් අතර බෙදීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ දේශසීමා නීති ජාවාරම්කරුවන් නොසලකා හැර ඇති බවයි.

සංක්‍රමණික යාත්‍රා සොයාගැනීමත් සමඟ අගමැති ඇන්තනී ඇල්බනීස්ට විවේචන එල්ල වූ අතර තමාට දේශසීමා පාලනය අහිමි වූ බව අගමැතිවරයා ප්‍රතික්ෂේප කරනවා.
ඔහු සඳහන් කළේ තමා ජාතික ආරක්ෂක කරුණු දේශපාලනීකරණය නොකරන බවයි.