
අපස්මාරය හේතුවෙන් හදිසියේ මියගිය වික්ටෝරියා ප්‍රාන්තයේ කුඩා පිරිමි ළමයෙකුගේ අවයව පරිත්‍යාග කිරීමට පවුලේ සාමාජිකයන් පියවර ගෙන තිබෙනවා.
තම දරුවාගේ මරණය මගින් අවයව පරිත්‍යාග කිරීමේ වැදගත්කම ඉස්මතු කිරීමට බලාපොරොත්තු වන බවයි මව වන අමන්දා මද්දුමගේ ප්‍රකාශ කළේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ ඩොනල්ඩ් හි පදිංචිව සිටි හය හැවිරිදි ආචී මයිකල්ට අපස්මාර රෝගය වැළඳී ඇති බවට නිශ්චය කර සති කිහිපයකට පසුව පෙබරවාරි 7 වනදා මරණයට පත්වුනා.

අමන්දා මද්දුමගේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ පසුගිය 2023 වසරේ ඔක්තෝම්බර් මාසයේදී තම දරුවා පළමු වරට රෝගී වූ අතර එතැන් සිට තත්වය වඩාත් නරක අතට හැරුණු බවයි.
ඔහුව විවිධ වර්ගයේ EEG පරීක්ෂණ, CT ස්කෑන් දෙකක් සහ MRI පරීක්ෂණයක් ද සිදු කර තිබු අතර අපස්මාරය වැළඳී ඇතැයි හඳුනාගනු ලැබුවේ මෙම වසරේ ජනවාරි මාසයේදීයි.

ඔස්ට්‍රේලියාවේ අපස්මාර රෝගීන්ගේ දත්ත අනුව එහි මාරාන්තික සංකූලතාව හේතුවෙන් පුද්ගලයන් 1000කට එක් අයෙකුට වඩා මිය යන අතර ළමුන් 4500කට එක් අයෙක් පමණ මිය යනවා.
අමන්දා මද්දුමගේ සඳහන් කළේ අපස්මාරය කෙතරම් බරපතල දැයි තම දරුවාට වැළඳෙන තෙක් තමාට නිසි අවබෝධයක් නොතිබු බවයි.
මරණයෙන් පසු තවත් ජීවිතයක් බේරා ගැනීම සඳහා ආචීගේ අවයව පරිත්‍යාග කිරීමට පවුල තීරණයක් ගනු ලැබුවා.
ආචීගේ අක්මාව තවත් කුඩා දරුවෙකුට බද්ධ කර ඇති අතර, පසුව ඔහු මෙල්බර්න් හි රාජකීය ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිට සාමාන්‍ය වාට්ටුවට ගෙන ගොස් ඇති බවයි අමන්දා මද්දුමගේ සඳහන් කළේ.