Search

රුසියානු විපක්ෂ නායකගේ මරණය ගැන ඔස්ට්‍රේලියා අගමැතිගෙන් පුටින්ට දැඩි චෝදනාවක්

රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට චෝදනා කරනවා.

විපක්ෂ නායකයාගේ මරණය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා වගකිව යුතු බවයි අගමැති ඇන්තනි ඇල්බනීස් සඳහන් කළේ.

නවාල්නිගේ මරණය භයංකර සාහසික ක්‍රියාවක් බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය සිකුරාදා සිරමැදිරියේදී මිය ගිය රුසියානු විපක්ෂ නායකයා පිළිබඳ අදහස් දක්වමින් අගමැතිවරයා කියාසිටියේ ඔහු
රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි නිර්භීත මිනිසෙක් බවයි.

ආක්ටික් කලාපයේ බන්ධනාගාරයක සිදියදී රුසියානු විපක්ෂ නායකවරයා මියගිය බව නවාල්නිගේ ප්‍රකාශකයා තහවුරු කර ඇති අතර ඔහු චෝදනා කරන්නේ නවාල්නි ඝාතනය කර ඇති බවයි.

කෙසේවෙතත් මරණයට හේතුව වෛද්‍යවරුන් තවමත් හෙළි කර නැහැ.

නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා රජය දක්වන බරපතල කනස්සල්ල ප්‍රකාශ කිරීම සඳහා රුසියානු තානාපතිවරයා කැඳවන ලෙසට විදේශ අමාත්‍ය පෙනී වොන්ග් සිය දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙනවා.

මේ අතර විපක්ෂ නායකවරයාගේ අභාවයට විරෝධය පළ කරමින් රුසියාව පුරා බොහෝ පිරිසක් වීදි බැස පුෂ්පෝපහාර දැක්වූ අතර නගර 32කදී පුද්ගලයින් 400කට වැඩි පිරිසක් ආරක්ෂක අංශ භාරයට ද ගනු ලැබුවා.

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »