
සතුන්ගේ සහායෙන් සිදු වන සෞඛ්‍ය සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් අදාළ කටයුතු පිළිබඳ විධිමත් නියාමනයක් අවශ්‍ය බවට සෞඛ්‍ය වෘත්තිකයන් පවසනවා.
සෞඛ්‍ය වෘත්තිකයන් විසින් සිදු කරනු ලබන තෙරපි ප්‍රතිකාර ක්‍රම මෙන්ම මානසික ප්‍රතිකාර සඳහා ද සත්ව සහාය ලබා ගැනීම සිදු කෙරෙනවා.
මිනිසුන්ට සෞඛ්‍යමය වශයෙන් උපකාර කිරීමට සතුන් භාවිතා කරන අතර ඉගෙනීමේ ගැටළු සඳහා උපකාර කිරීමට ද සතුන් මාර්ගයෙන් විශේෂයෙන් අධ්‍යාපන සැසි නිර්මාණය කර ඇති බව සඳහන්.

සත්ව උපකාරක සේවාවන්වලට සහභාගිවන්නන් මානසික සහ ශාරීරික වශයෙන් ප්‍රගතියක් වාර්තා කරන අතර, සෞඛ්‍ය විශේෂඥයින්ට තවමත් එහි සායනික ප්‍රතිඵල සම්බන්ධයෙන් පවතින්නේ ගැටලුකාරී තත්වයක්.
මෙම අංශයට ඇති ඉල්ලුම ශීඝ්‍රයෙන් වර්ධනය වන විට, සහභාගිවන්නන්ගේ, සතුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සහතික කිරීමට ජාතික මාර්ගෝපදේශ ස්ථාපිත කරන ලෙසටයි මනෝවිද්‍යාඥයින් ඉල්ලා සිටින්නේ.

මෙල්බර්න් හි මනෝවිද්‍යාඥවරියක් වන මෙලනි ජෝන්ස් සත්ත්ව ප්‍රතිකාර ක්ෂේත්‍රයේ කලක සිට සේවය කරමින් සිටින අයෙක් වන අතර ඇය පෙන්වා දෙන්නේ, ඔස්ට්‍රේලියාව නියාමනය අතින් ලෝකයේ සෙසු රටවල් වලට වඩා පිටුපසින් සිටින බවයි.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලාභ නොලබන ඇනිමල් තෙරපිස් ලිමිටඩ් ආයතනය දැනට සත්ව සහාය සේවා කර්මාන්තයේ එකම ජාතික සංවිධානය වනවා.
එම ආයතනය විසින් ආචාර ධර්ම පද්ධතියක් ඇතුළුව ක්ෂේත්‍රය සඳහා සම්පත් නිර්මාණය කර ඇති අතර, විනිවිදභාවය සහ පැහැදිලි නිර්වචන ඉතා වැදගත් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.